වසංගතය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුව උග්‍ර වේ – LOLC සමාගමට එරෙහිව දින දෙකක් තුළ පැමිණිලි 14ක්

LOLC Finance සහ එහි වෙනත් ව්‍යාපාරයන්ට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් ගත වූ දින 2 ක කාලයක් තුළ පොලිස් පැමිණිලි 14 ක් ගොනු කර ඇති බව වාර්තා වේ.

නෙලුම් යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂිකා නීතීඥ රදිකා ගුණරත්න පවසන ආකාරයට මැයි 20 සහ 21 යන දෙදින තුළ මෙම පැමිණිලි ගොනු කරනු ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් විසිනි.

මෙම පොලිස් පැමිණිලිවලින් සමහරක් ගොනු කිරීමට ගිය අවස්ථාවලදී LOLC සමාගමේ ණය එකතු කරන නියෝජිතයන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් වහාම එම පොලිස් ස්ථාන වෙත පැමිණි අවස්ථාවන් ගැන ද වාර්තා වේ. විශ්වාස කෙරෙන්නේ පොලිසිය තුළින්ම, සමාගමට විරුද්ධව පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු ඔවුන්ට ලැබෙන්නට ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනීමකින් තොරව සමාගම එම ස්ථානයට කැඳවා එය නීතියට පිටින් සමථ කිරීමට උත්සාහ කර කරගෙන තිබේ.

LOLC Finance Limited, LOLC Development Finance සහ BRAC Lanka Finance (LOLC සාමාජික) ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට වැඩි වශයෙන් වගකිව යුතු චූදිතයෙක් බවට පත් ව තිබේ. අධික පොලී අනුපාතික මෙන්ම, වාරික ඉල්ලා හිංසනවලට ලක් කිරීම ද මෙම ආයතනවල නියෝජිතයන් විසින් නිතරම සිදුකරන බවට පැමිණිලි රැසක් ලැබෙමින් තිබෙන බව වාර්තා වේ.

තවද දැනට පොලිස් ස්ථානවලට ගොනු කර ඇති පැමිණිලිවලින් වැඩි කොටස නීති විරෝධී ලෙස අවිධිමත් ඇපකර සමාගම විසින් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඒවායි. ණයගැති කාන්තාවගේ ඇපයට අත්සන් කළ වෙනත් සාමාජිකාවන්ගේ හෝ, ඇතැම්විට ඇගේ සැමියාගේ හෝ ඥාතියෙකුගේ වාහනවල පොත් මෙන්ම රජයේ ඉඩම්වල ඔප්පු ද මේ අන්දමින් මෙම සමාගම විසින් නීත්‍යානුකූල පදනමකින් තොරව රඳවා තබාගෙන සිටින අවස්ථාද වාර්තා වී තිබේ.

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ ජනතාවගේ ආදායම් මාර්ග බොහොමයක් අහිමිවී ඇති අතර ඔවුන්ට ණය ගෙවීම තබා කෑමට බීමට හෝ ප්‍රමාණවත් මුදලක් නොමැතිවි තිබේ. නමුත් වසංගතය තුලදී වුවත් මූල්‍ය සමාගම් ණය මුදල් අයකර ගැනීම නවතා දමා නැත. මේ අවස්ථාවේ ණය ගෙවා ගත නොහැකිව සිටින ජනතාවට සිදුකරන විවිධ තාඩන පීඩන සහ නීති විරෝධී ලෙස භාණ්ඩ පැහැර ගැනීමේ සිදුවීම් විවිධ පළාත්වලින් වාර්තා වෙමින් තිබේ. මෙවැනි බොහෝ සිදුවීම් පොලිස් ස්ථාන වෙත පැමිණිලි වන්නේ නැත. මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිවීම නිසා මූල්‍ය සමාගම්වල විවිධ තාඩන පීඩනවලට ලක්වන ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩිවිය යුතුය.

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...