PCR පරීක්ෂණ 20,000ක් හිරවෙලා, සතියකට කලින් ගත්තු සාම්පල්වල ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ – GMOA

PCR පරීක්ෂණ 20,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කරගැනීමට නොහැකිව දැනට ගොඩගැසී ඇති බවත් ඇතැම් ප්‍රදේශවල සතියකට පෙර ලබාගත් සාම්පල වල පවා තවමත් ප්‍රතිඵල ලැබී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

“සමහර ප්‍රදේශවල සතියකට කලින් ගත්තු සාම්පල්වල ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ. මේක ඉතාම කණගාටුදායක තත්වයක්. සාමාන්‍යයෙන් 100කට බැලුවොත් 2.5 – 3ක් වගේ පොසිටිව් වෙනවා. එතකොට මේ හිරවෙලා තියෙන 20000 ඇතුළෙත් අපි ඒ ගාණ උපකල්පනය කළොත් මේකෙ ප්‍රතිඵල එනකොට අඩුම ගාණ තව 500 – 600ක් පොසිටිව් වෙන්න ඕනෙ. මේක මේ අද නතර වෙන ප්‍රශ්නයක් නෙවෙයි.

වයඹ පළාත තුළ – කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක – සමාජ නියැදි කිසිවක් සිදුවෙන්නෙ නෑ. දවසකට කුරුණෑගල දිස්ත්‍රික්කයටම ලැබෙන්නෙ PCR පරීක්ෂණ කරන්න උපකරණ කට්ටල 50ක වගේ ප්‍රමාණයක්. ඒ 50න් කොහොමද සමාජ නියැදි කරන්නෙ ?

මාතර අපට කතා කළා, මාතර මේ වෙනකොට ගත්ත සාම්පල් 3000 විතර ප්‍රතිඵල එන්න තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළෙ දවස් 5 – 6කට කලින් ගත්ත සාම්පල් ප්‍රතිඵල තාම ඇවිල්ලා නෑ.

මරණ අපෙ ඉස්සරහ ඇවිල්ලා ගොඩ ගැහෙනකල් ඉන්නෙ නැතුව කරුණාකරලා මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරලා ඒකෙ තියෙන අවදානම ජනතාවට කියන්න” යනුවෙනුයි ඒ මහතා ඉල්ලා සිටියේ.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...