කැළණිය විශ්ව විද්‍යාලයේ සිසු ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සිදුකරන ලද උද්ඝෝෂණයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට තලංගම පොලීසිය වෙත ගිය කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ නැමති තවත් සිසුවෙකි.

ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරගත කර සිට ඇප ලබාදී නැවත සිරගත කරනු ලැබුවේ මෙම අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් චෝදනා කරමිනි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් පැවසුවේ තලංගම පොලීසියේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ්ට සිදුකළ දේ ඔවුන්ටත් සිදුකරන බවට තර්ජනය කර ඇති බවයි. ඒ අනුව මෙම සිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවධානමක් පවතින බව ඔවුන් පවසයි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...