ඉන්දියානු ප්‍රභේදය සමාජයට පැතිර යාම වැළක්වීම බුද්ධි අංශ විශේෂ සොයා බැලීමක් කරනවා – චන්න ජයසුමන

අද (08) දින ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් 19 විකෘති ප්‍රභේදයක් වන B.1.617 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු අද නිරෝධායන මධ්‍යස්ථානක සිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හඳුනා ගෙන තිබුණි.

ඊට අමතරව ඩෙන්මාර්ක්,සෞදි,යුරෝපා,නයිජීරියා සහ දකුණු අප්‍රිකා ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් ප්‍රභේද සහිත ආසාදිතයින් කිහිප දෙනෙක්ද මෙරටින් හඳුනා ගෙන ඇත.

එසේම සෞඛ්‍ය අංශ පවසන ආකාරයට මෙම ඉන්දීය වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍ය වෛරසයට වඩා 15න් අවදානම වැඩිවේ. එසේම පැතිරීම ඉතා වැඩි බවද වාර්තා වේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය සංජය පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඉන්දියාව තුළ සිදුවන මරණ වැඩිවීමට හේතුව මෙම ප්‍රභේදයේ පැතිරීමද යන්න ගැන පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.

මේ අතර ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ජනවාරි මාසයේ වාර්තා වූ බවත් එය සමාජයට යාමට නොදී වළක්වා ගන්නට අපිට හැකි බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

” අප්‍රේල් මාසයේ මුල් සතියේ බොරලැස්ගමුව වැඩබිමකින් නැවතත් එම ප්‍රභේදය වාර්තා වුණා. එම ස්ථානයෙනුත් වෛරසය යන එක නවත්තගන්න අපිට පුළුවන්කම ලැබුණා. නමුත් ඒ වෛරසය වෙනත් ආකාරවලින් සමාජය තුළ පැතිරගියා. ඉන්දියානු ප්‍රභේදයත් සමාජයට පැතිරීම වැලක්වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මේ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ගැන බුද්ධි අංශ විශේෂ සොයා බැලීමක් කරනවා මෙය සමාජය පැතිරයාම වැළක්වීම සඳහා.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...