විමලවීර දිසානායකට ලක්ෂ දෙකහමාරක බේත් නොමිලේ, සාමාන්‍ය ජනතාවට පැනඩෝල් පෙත්තවත් නැහැ

පෙබරවාරි 21 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ගෙන් මාධ්‍යවේදියෙක් රටේ පවතින ඖෂධ හිගය පිළිබඳව ප්‍රශ්න කළා. එහිදී මාධ්‍යවේදියා රෝහල්වල ඖෂධ නොමැතිබව පෙන්වාදුන් අතර මේ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්දැයි විමසා සිටියා .

ඊට පිළිතුරු දුන් විමලවිර දිසානායක ප්‍රකාශ කර සිටියේ ඖෂධ නොමැති බව පිළි නොගන්නා බවත් ඖෂධ හිඟයක් තිබෙන බව පිළිගන්නා බවයි. එහිදී ඖෂධ තිබෙන බව සනාථ කිරීමට ඔහු නිදසුනක් ගෙන හැර දැක්වූවා. පෙබරවාරි 21 වනදා උදෑසන ඔහු රෝහලට ගොස් ලක්ෂ දෙකහමාරක ඖෂධ ලබාගත් බව ප්‍රකාශ කළ අතර එහිදී මාධ්‍යවේදියා පෙරළා ප්‍රශ්න කළේ එම ඖෂධ ලබා ගත්තේ මුදල් ගෙවා ද කියයි. විමලවීර දිසානායක පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමන් බරපතළ රෝගයකට ලක්ව සිටින බැවින් එම බෙහෙත් නොමිලේ ලබාදෙන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි උනොතින් බෙහෙත් නොමැතිව මැරෙන්නට සිදු වෙන බවයි.

නැවතත් මාධ්‍යවේදියා පෙරළා ප්‍රකාශ කළේ සාමාන්‍ය ජනතාව රෝහලට ගිය විට බෙහෙත් නොමැතිකම නිසා බෙහෙත් පිටින් ගන්නට ලියා දෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වන විමලවීර දිසානායකට ලක්ෂ දෙකහමාරක බෙහෙත් ලබා දීමට හැකියාව තිබෙන රෝහල් වල සාමාන්‍ය ජනතාවට උණට හෙම්බිරිස්සාවට පාවිච්චි කරන පැනඩෝල් පෙත්තක්වත් නොමිලේ ලබාදීමට නොහැකිය .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...