තායිලන්තය ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ අනිත් ඇතුන් නැවත ගෙන්වා ගනියිද?

මුතු රාජා හස්තියා යලි තායිලන්තයට රැගෙන යාමෙන් පසු, ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති සෙසු තායි ඇතුන් පිළිබඳවද කතා බහක් මතුව තිබේ.

කොළඹ තායිලන්ත තානාපතිවරයා ඇතුළු පිරිසක් අද (ජූලි 06 වැනිදා) මහනුවර ඓතිහාසික සුදුහුම්පොල රජමහා විහාරයට ගොස් මහනුවර ශ්‍රී දලදා මාලිගාවට ප්‍රදානය කර ඇති ‘තායිරාජා’ හස්තියාගේ සුවදුක් සොයා බලා තිබේ.

‘තායිරාජා’ ඇතා රැගෙන යාමේ අරමුණින් මෙම සංචාරයේ නිරත නොවන බව කොළඹ තායිලන්ත තානාපති පොයි හැන්පොල් මෙහිදී පවසා තිබේ.

තානාපතිවරයා මෙහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙහි කිසිම ප්‍රශ්නයක් ඇතැයි තමා නොදකින බවත්, සත්වයා රැගෙන යාමේ අදහසක් නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය බලා සාර්ථකව රැගෙන ගිය මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් යහපත් අතට හැරුණු පසු මෙම හස්තියා සිය නියම හිමිකරු වන අලුත්ගම කන්දේ විහාරය වෙත නැවත ලබා දෙන්නේ දැයි තායි වැසියන් අතර කතා බහක් ඇතිව තිබේ.

බීබීසී තායි සේවය විසින් විහාරාධිපති හිමියන් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇතා නැවත ලංකාවට ලබාදෙන බව පැවසීම සම්බන්ධයෙන් “හිංසනයට පත් කළ හිමිකරු” වෙත හස්තියා ආපසු යැවීමට එරෙහිව බොහෝ තායි වැසියන් අතර කැළඹීමක් ඇති වීමට තුඩු දී තිබේ.

එය එරට ස්වභාවික සම්පත් අමාත්‍යංශය වෙත ද පීඩනයක් එල්ල කර තිබේ.

අමාත්‍යංශය නැවත නැවතත් ලබා දුන් පිළිතුරු වුයේ “මුතු රාජා සම්පූර්ණයෙන් සුව වූ පසු ඒ පිළිබඳ සලකා බලනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ තායිලන්තයෙන් තෑගි කළ තවත් ඇතුන් දෙදෙනකු සිටින අතර, ඔවුන් ආපසු ගෙන්වා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම් ද ඉහළ යමින් පවතියි. විශේෂයෙන් ම, අයපත් තත්ත්වයෙන් පසුවන අයුරු ඡායරූපගත කරනු ලැබ තිබුණු ශ්‍රී දළදා මාලිගාවේ භාරකාරත්වය යටතේ සිටින ප්‍රයි ෆ්‍රා ටී ෆෝ හස්තියා ද ඒ අතර වෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...