ජලගැලුම් නිම්න වනෝද්‍යානය ඇතුළට ඇමති රොෂාන් රිංගන්න හඳන්නේ නිධන් හොරකමේද ?

Date:

ජලගැලුම් නිම්න වනෝද්‍යානය හරහා ඇමති රොෂාන්ට පාරක් අවශ්‍ය වි ඇත්තේ වැලි අදින්නද? නැතිනම් කාලිංග මාගගේ නිධානයට විදින්නද? ජනතාව ප්‍රශ්ණ කරයි.

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය කියන්නේ විල්ලු 31 කින් සමන්විත වු විල්ලු පරිසර පද්ධතියක්. 1984 වසරෙදි මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසටි කරන්න කලින් වනෝද්‍යානයේ දකුණු කෙලවරේ ඇති යක්කුරේ ගම්මානයේ ඉදලා මනම්පිටියට පාරක් තිබුනා. ඇත්තෙන්ම කිවිවොත් ඔය මාර්ගය දුන්නත් ඔය මාර්ගය පාවිචිචි කරන්න වෙන්නේ අවුරැද්දේ මාස 03-04ක් විතරයි. මොකද අනිත් කාලයට මෙි වනෝද්‍යානයේ ඇති හදපාන විල්ලුව, බැන්ඩියා විල්ලුව පිටාර ගලලා ඔය මාර්ගය ජලයෙන් යට වෙනවා. ඒ කාලයට මෙි මාර්ගය පාවිචිචි කරන්න බැහැ. දැන් එහෙමනම් ඇයි මෙි පොලොන්නරුවෙි ඇමති රොෂාන් වනජිවි ඇමතිත් අල්ලගෙන මෙි මාර්ගය විවෘත කරගන්න උත්සහ කරන්නේ ,අවුරැදු 36ක් මිනිසුන්ට අනවශ්‍ය වු මාර්ගයක් මෙි දඩිබිඩියේ උවමනා වෙන්න හදිසි අවශ්‍යතාවක් තියෙන්න එපැයි.

බොහෝ පිරිසක් කියන්නේ ඇමති රොෂාන් මෙි උත්සහ කරන්නේ ජාතික වනෝද්‍යානය ඇතුලේ තියෙන වැලි ටික පටවන්න කියලයි.
මාර්ගය ඉදි වුනොත් පහසුවෙන් වැලි නිධි ටිකට සුද්දේ දෙන්න පුලුවන්නේ ඔවුන් කියනවා, කොහොම වුනත් දැන් තියෙන තත්වය අනුව නම් ජාතික වනෝද්‍යානය මෙි මාර්ගයේ ට්‍රැක්ටයක්වත් යන්න බැහැ. වැලි ටික අදින්න නම් පාර හදාගන්නම වෙනවා.

මෙි අතර තව පිරිසක් කියනවා ඇමති රොෂාන් මෙි උත්සහ ගන්නේ වනෝද්‍යානය ඇතුලේ තියෙන නිධන් ටික හාරන්න කියලා ,
යක්කුරෙන් ඇතුලු වෙලා පැරණි මනමිපිටිය පාරේ යනකොට වනෝද්‍යානය ඇතුලේ හමුවෙනවා ගල්කන්ද කියලා ස්ථානයක්,එහි විශාල ප්‍රදේශයක් පුරා නිධන් සලකුණු දක්නට තියෙනවා.ඇත්තෙන්ම මෙි ස්ථානය මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමෙින්තුවෙත් විධිමත් ගවෙිෂනයට ලක් නොවු තැනක්.මෙි ස්ථානයේ විවිධ පිරිස් නිදන් හැරිමට උත්සහ ගෙන තිබුනත් වනජිවි නිළධාරින්ගෙන් බෙිරිලා ඒ දෙය කරන එක පහසු නැහැ. ඒ නිසා මෙි ස්ථානයේ පුරාවස්තු තවමත් යම් ප්‍රමාණයකට ආරක්ෂා වි තියෙනවා.

ජනප්‍රවාදයට අනුව පොලොන්නරුවෙි රජකල කාලිංග මාගගේ වස්තුව තැන්පත් කරලා තියෙන්නේ මෙි ජල ගැලුමි නිමිනය තුලයි. යම් ආකාරයකට සතුරු ආක්‍රමණයකට මුහුන දිමට සිදුවුනොත් සඟවා ඇති මෙම මහා වස්තුව රුවල් නැවක පටවාගෙන හදපාන විලේන් ඔිඩෙි ඇල දිගේ මහවැලි ගගට ගිහින් ඒ ඔස්සේ මුහුදට ගොස් පැනලා යන්නයි ඔවුන් සැලසුමි කරලයි තිබුනේ කියලයි. මෙි අවට ගමිමන වල පැරැන්නෝ කියන්නේ,හදපාන් විල පන්සලේ ගලක රුවල් නැවක සලකුණක් කොටා තිබුන බවත් නිදන් සොරුන් එම සලකුණ නිදන් සලකුනක් ලෙස සිතා විනාශකර ඇති බවත් මෙි අය කියනවා.

මෙහි ඇති සුදුතිරිවානා ප්ලේටි එකකින් වසා ඇති ගල් දොරක් ඇතුලේ මෙි මහා නිධානය සගවලා තියෙනවා කියලයි කියන්නේ.
ඉතිං මෙි තකහනියේ මිනිස්සුත් කුලප්පු කරමින් පැරණි පාර නැවත විවෘත කරගන්න ඇමති රොෂාන් උත්සහ ගන්නේ වනෝද්‍යානය ඇතුලේ තියෙන වැලි ටිකට විදින්නද, නැතිනමි මෙි මහා නිධානයට විදින්නද කියලා මිනිසුන්ට සැක ඇතිවෙන එක වැරද්දකුත් නැහැ කියලයි මට නමි හිතෙන්නේ.

හොරෙන් කපා බිම හෙළු කුඹුක් ගස්

උපුටා ගැනීම

/https://www.facebook.com/RainforestProtectors/

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...