Breaking News

නරක් වූ සැමන්, පිළිකාකාරක පොල්තෙල්, විෂ සහිත පරිප්පු………… ඊළඟට?

වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්තපු තොගයක් විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. මෙම පරිප්පු පුස් සහිත නිසා ඇප්ලටොප් විසබීජ සහිත බවත් එම නිසා පිලිකා කාරක ශරීරගත විය හැකි බව රසපරීක්ෂක වර්තාවල සඳහන් වේ.

මනුෂ්‍ය ආහාරයට නුසුදුසු පරිප්පු තොගයක් අලෙවි කිරීම සඳහා ගබඩා කර ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම පරිප්පු තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පරිප්පු තොගය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අනුව මෙම පරිප්පු මනුෂ්‍ය ආහාරයට සුදුසු නොවන බවට සදහන් විය.

ඒ අනුව අධිකරණ නියෝග මත අදාළ පරිප්පු කිලෝ 3150 ක් සමුපකාර සමිතියේ නිලධාරීන්ගෙ සහභාගිත්වයෙන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතේ ඊයේ (01) දින වැලිගම කප්පරතොට කොම්පෝස්ට් පොහොර අංගනයේදී විනාශ කර ඇත.

මෙම ප්‍රවෘත්තියත් සමඟ ආහාර ද්‍රව්‍යවලට විවිධාකාරයෙන් මිනිස් ශරීරයට අහිතකර ද්‍රවය එකතු කිරීම ගැන සංවාදය නැවතත් අලුත්වී ඇති බව දක්නට ලැබේ. මීට සතියකට පමණ පෙර අනාවරණය වූවේ පිළිකාකාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සහතික කරන ලද ආනයනික පොල්තෙල් තොගයක් වෙළඳපොළට මුදා හැර ඇති බවයි.

එම පොල්තෙල් ගෙන්වන ලද සමාගම් සිදුකරන ලද අභියාචනයෙන් අනතුරුව එම පොල්තෙල් පරික්ෂා කළ අතර එහිදී දෙවන වරටත් හෙළිව තිබුණේද එහි පිළිකාකාරක අඩංගු බවයි.

මේ ආකාරයටම ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබූ, ප්‍රමිතියෙන් තොර ටින් මාළු (සැමන් ටින්) කන්ටේනර් දෙකක් ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොළ වෙත ගොඩ බා ඇති බව පසුගිය වසරේ අගදී හෙළිවිය. තත්ත්ව සහතිකය නොමැති වීම හේතුවෙන් වසර හයකට ආසන්න කාලයක් මේ ටින් මාළු රේගු භාරයේ තිබී ඇත. එසේනම් ඒවා ප්‍රතිඅපනයන නොකර රේගු භාරයේ තබාගත්තේ ඇයිද යන්න මෙතෙක් හෙළිව නැත.

එසේම පොල්තෙල් ගෙන්වූ සමාගම්, ඒවා වෙළඳ පොළට නිකුත් කිරීම ගැන චෝදනා එල්ල වී ඇති රේගු ප්‍රධානීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානීන් මේ පිළිකාකාරක පොල්තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් වගකිව යුතු වුවත් එතෙක් ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්බවක් පෙනෙන්නට නැත.

ඒ වෙනුවට මෙම ප්‍රශ්නය දේශපාලනීයකරණය කරන්න එපා, පොල්තෙල්වල පිළිකාකාරක තියෙන බව පැවසීම අසත්‍යක් විය හැකියි යනුවෙන් ආණ්ඩුවේ ඇමතිවරු වැල් බයිලා කියමින් සිටියි. මේ අනුව ඉදිරියේදී මෙම පොල්තෙල් තොගයම විස නොමැති බව පරීක්ෂණවලදී ඔප්පු වූ බව පවස්වාහොත පුදුම විය යුතු නැත.

ගැටලුව ඇත්තේ ජනතාවට වස කෑමට සිදුවීමයි. දැනට කතා බහවෙමින් පවතින් පොල්තෙල් පරිප්පු වැනි ද්‍රවය සාමාන්‍ය ජනතාවගේ ආහාර වේලේ ප්‍රධාන ආහාර ද්ර්වයන්ට අයත් වේ. බඩු මිල අහස උසට නැගීම නිසා එදිනෙදා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම පවා ගැටලුවක් බවට පත්වී ඇති ජනතාවට අවසානයේ සිදුවී ඇත්තේ තිබෙන මුදල් වියදම් කර වස කෑමටයි.

 

leave a reply