විචාරශීලී පාඨකයෙක් යම් කෘතියක් මිල දී ගැනීමට පෙර කරුණු බොහෝ ප‍්‍රමාණයක් පිළිබදව අවධානය යොමු කරයි. තමාගේ රුචිකත්වය, කෘතියේ අන්තර්ගතය, අදාළ කෘතියට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ පිළිගත් සම්මානයක් නැතිනම් යම් ඇගයීමක් ලැබී තිබේ ද යන්න පිළිබදව, පොතේ මිල, තමා මිලදී ගන්නා පොත මීට පෙර බොහෝ පිරිසකගේ අවධානයට යොමු වූ එකක් ද යන වග සහ එහි නිමාව එ් අතරින් කිහිපයකි. සාමාන්‍ය පාඨකයෙක් යම් කෘතියක් දේශීය වශයෙන් බොහෝ පිරිසකගේ අවධානයට යොමු වී තිබේ ද යන්න පිළිබදව යම් ඉගියක් ලබා ගන්නේ තමා අතට දැන් පත්වී ඇත්තේ පොතේ කීවෙනි මුද්‍රණය ද යන වග පරික්ෂාකිරීමෙනි. මීට පෙර අදාළ කෘතියෙහි මුද්‍රණ කිහිපයක් පළවී තිබේනම් එය හොද අලෙවියක් තිබෙන පාඨක අවධානය දිනාගත් කෘතියක් බැව් නව පාඨකයා හදුනා ගනී. එවැනි හදුනා ගැනීමක් තුළින් ඔහු එම කෘතිය මිලදී ගැනීමට පෙළඹීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ පෙළඹවීම ම ආයුධයක් බවට පත්කර ගෙන එයම අලෙවිකරණය යැයි සිතා සිටින වර්තමාන තරුණ ලේඛකයෝ පිරිසක් මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රය තුළ බිහිවෙමින් සිටිති. ඔවුහු බොහෝ විට පිළිගත් ප‍්‍රකාශන ආයතනයක් මගින් තම පොත් පළ නොකරති. එසේම කර්තෘ ප‍්‍රකාශන ලෙස ද පළ නොකරති. එ් වෙනුවට ඔවුන් කරනුයේ තම නමින් යම් ප‍්‍රකාශන නාමයක් ලියාපදිංචි කිරීමය. ඉන් පසු එකී නාමය යටතේ තම කෘතිය ප‍්‍රකාශයට පත් කිරීමය. බොහෝ විට එක්වරකට ඔවුන් මුද්‍රණය කරනුයේ අදාළ කෘතියේ පිටපත් දෙසිය පණහක් හෝ තුන්සීයක් වැනි සුඵ ප‍්‍රමාණයකි. බොහෝ විට එම ප‍්‍රමාණය ඔවුහු පළමු මුද්‍රණය ලෙසින් සළකති. නැවත පිටපත් සියයක් මුද්‍රණය කළහොත් එය දෙවන මුද්‍රණය ලෙස ඔවුහු පොතේ ස`දහන් කරති. මේ ආකාරයට පිටපත් දාහක් මුද්‍රණය කරන විට කිසිදු හිරිකිතයක් නොමැතිව මොවුහු කෘතියේ කවරයේම දහවෙනි මුද්‍රණය ලෙස රන්පාට අකුරෙන්ම අච්චු ගසති. වර්තමාන ලාංකේය පොත් කර්මාන්තය තුළ පිළිගත් ප‍්‍රකාශකයන්ට ද සිතා ගැනීමට පවා නොහැකි පරිදි තමන්ගේ පොත් පමණක්ම ප‍්‍රකාශයට පත්කරණ ප‍්‍රකාශන නාමයන් වැඩි වී ඇත. නමුත් එවැනි නාමයන් යටතේ ප‍්‍රකාශන ආයතනයක් හෝ පොත් අලෙවි සැලක් හෝ දැකිය නොහැක.
දහ-පහළොස්වන මුද්‍රණ දක්වා තම පොත් අලෙවි වී ඇතැයි පවසමින් අන්තර්ජාලයේ ඉංග‍්‍රීසියෙන් තිබෙන උපදේශ කතා සිංහලට පරිවර්තනය කරමින් මෙරට පාඨකයන්ගේ ජීවිත වෙනස් කිරීමට දගලන නොමේරූ ලේඛකයෙක් පිළිබදව මේ ලියුම්කරුට ද අත්දැකීමක් ඇත. වර්තමානයේ නවකතාකරුවෙක් ලෙසින් ද පෙනී සිටීමට උත්සාහ දරණ එකී තරුණයා මීට වසර හතකට පමණ පෙර මතුයම් දවස (කවිය ගීතය හා නිසදැස) යනුවෙන් නූතන කවිය පිළිබදවත් අවබෝධයක් නොමැතිව කාව්‍ය කෘතියක් සම්පාදනය කළ අයෙකි. පසුව ඔහු මේ ලියුම්කරුගේ මග පෙන්වීමෙන් ජාතික පුවත්පතකට සම්බන්ධ වී කුඩා තීරු ලිපියක් ලියා එය පොතක් වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ මෙරට පිළිගත් ප‍්‍රකාශන ආයතනයක් මගිනි. එ් මීට වසර පහකට පමණ පෙරාතුවය. වර්තමානය වන විට අදාළ ප‍්‍රකාශන ආයතනය යටතේ එම කෘතියේ තෙවන මුද්‍රණය පළවී ඇත. නමුත් ඊට වසර කිහිපයකට පසුව එම තරුණයා තමාගේ නමින් ප‍්‍රකාශන නාමයක් ලියාපදිංචි කරගෙන ඔහුගේ පොත් කිහිපයක් පළ කළ අතර වර්මානය වන විට එම කෘතිවල මුල් පිටුවේ සදහන්ව ඇත්තේ එ්වා දසවන මුද්‍රණ ලෙසයි. සමහර කෘතිවල පහළොස්වන මුද්‍රණ ලෙස සටහන්ව තිබේ. මෙයින් පෙනී යන්නේ එක්කෝ අදාළ තරුණයා මුලින් තම කෘතිය ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රකාශන සමාගම ඔහුට වංචාවක් කරන බවය. නැතිනම් මේ තරුණයා මෙරට පාඨක ප‍්‍රජාව ගොනාට අන්දන බවය. ඔහුගේ ලේඛන කුසලතාවය පිළිබදව මුල් කාලයේ සිටම අවබෝධයක් තිබූ අපගේ හැගීම නම් අදාළ ප‍්‍රකාශන සමාගම නොව මේ තරුණයා පොත් කර්මාන්තය තුළ ප්‍රෝඩාකාරී ක‍්‍රියාවක් කරන බවය. මෙකී ප්‍රෝඩාකාරී ක‍්‍රියා වර්තමානයේ බොහෝ තරුණ ලේඛකයෝ කරමින් සිටිති. එ් හරහා ඔවුහු තමන්ගේ පොත් දහස් ගණනින් අලෙවි වෙමින් පවතින බවට මාධ්‍ය මගින් ප‍්‍රචාරණය කරති.
මෙරට පොත් කර්මාන්තයේ මුල් වකවානුවේ පියදාස සිරිසේන වැනි ලේඛකයන්ගේ ප‍්‍රථම මුද්‍රණය යනුම පිටපත් විසිපන්දහසකි. නමුත් පසුකාලීන වන විට එය පිටපත් දෙහස දක්වා පහත වැටුණි. මාර්ටින් වික‍්‍රමසිංහ, කේ. ජයතිලක වැනි ලේඛකයන් තමන්ගේ කෘති තම ප‍්‍රකාශන අයාතන මගින්ම පළ කළ ද කිසිවිටකත් දහ-පහළොස්වැනි මුද්‍රණ ලෙස එ්වායේ සටහන් කරමින් පාඨකයා ගොනාට ඇන්දවීමට හෝ එ් තුළින් අලෙවි ප‍්‍රචාරණයක් ලබා ගැනීමට උත්සාහ නොකළේය. අද ඊයේ ලේඛන කලාවට පිවිසි සමහරක් තරුණයන්ගේ පොතක් මුද්‍රණ වූ වාර ගණන දෙස බැලීමේදී ගම්පෙරළිය වැනි කෘතියක්වත් එවැනි ප‍්‍රමාණයක් අලෙවි වී නොමැති බැව් දැකිය හැක. මේ තත්වය දිගටම පැවතිය හොත් එ් මෙරට පොත් කර්මාන්තය කෙරෙහි පාඨකයන්ගේ තිබෙන විශ්වාසය බිදවැටීමට ප‍්‍රබල හේතුවක් විය හැක. පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය මේ සම්බන්ධව යම් මැදිහත්වීමක් සිදුකළ යුතුයැයි සිතමි. වර්තමානය වන විට කෘතියක යම් මුද්‍රණ වාරයක් යනු පිටපත් මෙපමණක් යැයි නිශ්චිත ප‍්‍රමාණයක් නොමැතිවීම ගැටලූවකි. සමහර ප‍්‍රකාශන ආයතනයක් මුද්‍රණයක් යනු පිටපත් දාහක් පමණක් යැයි නිශ්චය කරගෙන තිබෙන අතර තවත් ප‍්‍රකාශන ආයතනයක එම ප‍්‍රමාණය පිටපත් දෙදහසකි. මේ නිසා පොත් ප‍්‍රකාශන සංගමයේම මැදිහත් වීමෙන් කෘතියක එක් මුද්‍රණයක් සදහා නිශ්චිත පිටපත් ප‍්‍රමාණයක් සම්මතයක් ලෙස සමාජගත කළ යුතුව ඇත. නොමැති නම් එ් තුළින් නව පාඨකයන්ට විශාල අසාධාරණයක් සිදු වනු ඇත. මන්ද ඊනියා තරුණ ලේඛකයින් වැඩි මුද්‍රණ වාර ප‍්‍රමාණයක් සටහන් කරමින් තම කෘති ජනගත කිරීම විලාසිතාවක් කරගෙන ඇති බැවිනි.