තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පොලීසිය විසින් පැහැර ගනියි!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකරුවකු සහ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ අද (08) දින කොළඹ මහජන පුස්තකාලය අසලදී පොලීසිය ලෙස සඳහන් කරන ලද ත්‍රීවිල් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන තිබුණි.

පැය දෙකහමාරකට වැඩි කාලයක් යනතුරු ඔහු සිටින ස්ථානය සොයාගත නොහැකිව තිබී ඇත. ඔහු පිළිබඳ විමසූ නීතිඥවරුන්ට බොහෝ පොලිස් ස්ථානවලින් පවසා තිබුනේ එවැනි කෙනෙකු අත්අඩංගුවට ගෙන් නොමැති බවයි. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා තිබුණේ මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු මේවනවිට බම්බලපිටිය පොලීසිය භාරයේ පසුවන අතර ඔහුව නැවත කොටුව පොලීසිය වෙත රැගෙන යාමට නියමිත බව වාර්තා වේ. මංගල මද්දුමගේට එරෙහිව නගා ඇති චෝදනා වන්නේ පොලිස් රාජකාරිවලට බාධා කිරීමයි.

පොලීසිය මේ ආකාරයට අත්අඩංගුවට ගන්න බව පවසමින් පුද්ගල පැහැරගැනීම් සිදුකරමින් සිටියි. මීට පෙර ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ වේරංග පුෂ්පිකව අතරමගදී පැහැරගෙන ඔහු පොලිස් අත්අඩංගුවේ බව පැවසුවේ පැය 06ට පමණ පවසුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...