එක රටක් – එක නීතියක්

පොලීසිය විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරන බව පවසමින් මුඛ ආවරණ නොමැතිව සිටින පුද්ගලයන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නා සිද්ධීන් මාධ්‍ය හරහා පෙන්වමින් තිබියදී පොලීසිය භාර අමතිවරායම නිරෝධායන නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීම ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ.

පොලිසියේ උත්සවයකට සහභාගී වූ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මුඛ ආවරණ නොමැතිව සිටින ආකාරයේ ඡායාරූපයක් ඇමතිවරයාගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබීම එයට හේතුවයි.

‘දියමත විශේෂ මෙහෙයුමි බලඝනය’ නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය වෙත එක් කිරීමේ උත්සවය සඳහා ඇමතිවරයා මලෙස සහභාගී වී සිට ඇත. කෙසේවෙතත් මේ වනවිට ඇමතිවරයා මුඛ ආවරණ නොමැතිව සිටින ඡායාරූපය ඔහුගේ සමාජ මාධ්‍ය ඒකකයේ facebook පිටුවේ දක්නට නොමැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...