එක රටක් – එක නීතියක්

පොලීසිය විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරන බව පවසමින් මුඛ ආවරණ නොමැතිව සිටින පුද්ගලයන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නා සිද්ධීන් මාධ්‍ය හරහා පෙන්වමින් තිබියදී පොලීසිය භාර අමතිවරායම නිරෝධායන නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීම ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ.

පොලිසියේ උත්සවයකට සහභාගී වූ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මුඛ ආවරණ නොමැතිව සිටින ආකාරයේ ඡායාරූපයක් ඇමතිවරයාගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබීම එයට හේතුවයි.

‘දියමත විශේෂ මෙහෙයුමි බලඝනය’ නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය වෙත එක් කිරීමේ උත්සවය සඳහා ඇමතිවරයා මලෙස සහභාගී වී සිට ඇත. කෙසේවෙතත් මේ වනවිට ඇමතිවරයා මුඛ ආවරණ නොමැතිව සිටින ඡායාරූපය ඔහුගේ සමාජ මාධ්‍ය ඒකකයේ facebook පිටුවේ දක්නට නොමැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...