සෙබල මරණයට වගඋත්තරකරු කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස පත් කළ කමල් ගුණරත්නගේ නිවසක අලුත්වැඩියා කිරීම්වල යොදවා සිටි යුද හමුදා සෙබළෙක් වහලයෙන් වැටී මරණයට පත්ව ඇත.

පනාගොඩ යුද හමුදා කඳවුරේ ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළකු වන මිය ගිය සෙබළා කමල් ගුණරත්නට අයත් කොට්ටාව බෝගහවත්ත පාරේ නිවසක් පිළිසකර කිරීමට අනාරක්ෂිත තත්වයන් යටතේ යොදවා සිටියදී අනතුරට පත්ව ඇත.

ලංකාවේ ආරක්ෂක හමුදා සෙබලුන් අණට කීකරු වීමට පමණක් පුහුණු කරවා සෙබළකුගෙන් ඉටු විය යුතු කාර්යයන්ට අමතරව දේශපාලකයන් මෙන්ම වෙනත් ප්‍රභූන්ගේ පෞද්ගලික කටයුතුවලටද යොදාවන්නට මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම කටයුතු කරන ලදී. මෙම වෘත්තියමය නොවන කටයුතුවලට විරෝධයක් යුද හමුදාවෙන් පැමිණියේ නැති අතර සමාජයෙන්ද ඊට කිසිදු විරෝධයක් මතුව නැත. රජයේ සේවකයන් ලෙස මහජන අරමුදලින් වැටුප් ලබන සොල්දාදුවන් තම පෞද්ගලික මෙහෙකාරකමේ යෙදවීම සහ ඔවුන්ගේ ජීවිත අඳුරට ඇද දැමීම සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය මෙන්ම හමුදා ප්‍රධානින්ද වගකිව යුතුය.

අණට කීකරුවීමේ තත්වය තුළ ජනතා විරෝධතාවලට වෙඩිතැබීමේ සිදුවීම් නිසා මහින්ද රාජපක්ෂ පාලනය යටතේ හලාවතදී ඇන්ටනි නමැති ධීවරයා මරාදමන ලද අතර කටුනායක ආයෝජන කලාපයේදී රොෂේන් චානක මරාදමන ලදී, රතුපස්වල ධම්මික පෙරේරාගේ රබර් අත්වැසුම් කම්හලේ අපද්‍රව්‍ය නිසා ජල මූළාශ්‍ර විනාශයට පත් වූ නිසා රතුපස්වල ජනතාව ගෙන ගිය විරෝධතාවට යුද හමුදා භටයන් වෙඩි තැබීමෙන් උද්ඝෝෂනයට පැමිණි එක් අයකුද මාර්ගයේ ගමන් ගත් දෙදෙනකුද මරා දමනු ලැබිණි.

ජනතාව පාලකයන්ට විරෝධය පළ කරමින් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින මොහොතක යුද හමුදාව ඇතුළු ආරක්ෂකයන් පාලකයන්ගේ පැත්තේ සිට ජනතාව මර්දනයට කටයුතු කිරීම නිසා ජනතා ජයග්‍රහණ ඉටුකරගැනීමට බාධා පැමිණ ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...