Breaking News

සරත් වීරසේකරට විටින් විට උත්සන්න කකුලු තියරි විනය අමාරුව

“බියෙන් හා සැකයෙන් තොර  සමාජයක් කරා යන්න බැරි  පංචමහා  ව්‍යසනයන් හේතුවෙන් බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.  ඔහුට අනුව මේ පංච මාහා  ව්‍යසනයන්  යනු  කප්පම්කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ  ළමා අපචාර කයෝ, මත් කුඩු  සහ පාතාලයෝ  වේ.  රටේ විනය පිරිහීම මීට හේතුව බවත් රටේ විනය නිර්මාණය කිරීමෙන් ඊට පිළිතුරු දිය හැකි බව ඔහු පවසනවා. ඒ අනුව මුඛ යෝජනා බවට පත් වන්නේ අවුරුදු 18න් ඉහල සියලුදෙනාට හමුදා පුහුණුව ලබා දීමයි.  එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ හමුදා පුහුණුවක් කියන්නේ සමහරු විවේචනය කරනවා වගේ මිලිටරිකාරයෙක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම් පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒ තුළ විනයක් හික්මීමක් වගේම පහසුකම් තියෙන නිසා. පෞරුෂත්වය වැඩිකරන යම්කිසි පාඨමාලාවක්  ලැබෙන බවයි.

මේ  ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කළ විට ඔහුට අපහාසාත්මකව හිනා වූ බවත් එහිදී සඳහන් කර සිටියා.

සරත් වීරසේකර අනුමාන කරනවා නම් හමුදා පුහුණුව යටතේ රටක් තුළ විනය ඇතිවෙනවා කියා මේ වන විට ලංකා  පාර්ලිමේන්තුවෙත් පොහොට්ටු පක්ෂයේ  න්ත්‍රීවරුන් ආදර්ශමත් විනයානුකූල පිරිසක් බවට පත්විය යුතුයි. මොකද  රටේ ප්‍රධානියා මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද  ඔය කියන  මාදිලියේ හමුදා විනයක් ලබාගත්  පුද්ගලයෙක්ය .  ටේ පුරුදු නීතිය තුට්ටුවකට ගණන් නොගෙන දිනපතාම ඒ නීතිය කඩන්නෙ ඔය කියන හමුදා නායකයාගේ හමුදාව විනය සහිත ප්‍රධානියාගේ යටතේ ඉන්න මැතිඇමතිවරුන් ය.  රටේ පොදු නීතියට ගරු නොකරන විනයක් නැති කැබිනට් මණ්ඩලයක් ඇමති මණ්ඩලයක  සිටින ඔබ අපට බණ කීම  නවතා ඔබ දෙස හැරී බලන්න.

ඒ කෙසේ වෙතත් සරලව සරත් වීරසේකරට පැවසිය යුත්තේ  විනයක්  නැති දේශපාලන ක්‍රියාකාරිත්වය රටක ජනතාවගේ විනය විනාශ කිරීමට ප්‍රමුක  කාර්යයක් සිද්ධ කරන බව ඔහු කලින්ම දැන ගත යුතු බවයි. ඒ අනුව මේ රටේ වර්තමාන තත්වය පිළිබඳව පමණක්ම අපි කතා කරන්නේ නම්  විනයක් නැති ඔබගේ දේශපාලනය විනයගරුක කරගන්න එවිට රටේ ජනතාව ක්‍රමානුකූලව විනයට  විනය හදා ගනීවි. එසේ නොමැතිව හමුදා පුහුණුවකට විනයක් ඇති කරන්න බැරි බව අපි අත්දැකීමෙන් දනිමු.

 උඹ ඉල්ලන්නේ ඔබ වැනිම හොඳ කැඩුණු  ඉහළ අණ කුමක් වුවත්  තාර්කිකව ඒ අණ පිළිපදින ඔබ වැනි මිනිසුන් පිරි රටකි.

leave a reply