ආණ්ඩුවේ කයිවාරු නොතකමින් විදුලි සේවකයන් තෙවන දිනයටත් විරෝධයේ

ආණ්ඩුවේ බියගුළු ක්‍රියාමර්ග සතේකට මායිම් නොකරමින් විදුලි සේවකයන් තෙවැනි දවසටත් විරෝධය සඳහා එක්වී තිබේ.

මේ අතර සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත

එමෙන්ම දන්වා ඇත්තේ, එම සේවක පිරිස් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසටද ඔහු දැනුම් දී ඇත.

2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ වෙත මහජන පැමිණිලි ලැබී ඇති බව ඇමතිවරයා සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය විකිණීම සඳහා රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව පසුගියදා (03 දා) සිට දින තුනක් විරෝධතාවේ නිරතවීමට විදුලි සේවක සංගම් තීරණය කර තිබුණි.

රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විදුලි සැපයුමට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...