මර්දනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙන් මෙවර කළු ජනවාරි සැමරුම් කිහිපයක් අද රටේ ප්‍රදේශ කිහිපයක පවත්වා තිබේ. එහිදී මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක්ම නව රජයෙන් ඉල්ලා සිටින්නේ මර්දනයට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින්, යාපනය, වවුනියාව, මුලතිව්, සහ මන්නාරම ප්‍රදේශවල මාධ්‍ය සමාජ, කිලිනොච්චි මාධ්‍ය සංසදය, ත්‍රිකුණාමල දිස්ත්‍රික් මාධ්‍ය සංගමය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංසදය, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සහ අහම් මානුෂීය සම්පත් මධ්‍යස්ථානය යන සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම්, සහ ඝාතන ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකර ඇති සාහසික අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කරන ලෙසයි.
ඔවුන් එම ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කළ මාධ්‍යවේදී සුබ්රනියම් සුගීර්දරාජන්ගේ 19 වැනි අනුස්මරණය වෙනුවෙනි.
එසේම අද සවස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් කළු ජනවරිය නමින් මර්දනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා සහ මාධ්‍යවේදීන් ගේ සේවක අයිතීන් තහවුරු කරන ලෙස ඉල්ලා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය නිවේදනයක් ද නිකුත් කරමින් පවසා තිබුණේ ප්රජාතන්ත්රවාදය, සමාජ සාධාරණත්වය හා දූෂණය අතින් අඳුරු කාලසීමාවන් පසු කරමින් ඉදිරියට ආ ශ්‍රී ලංකාව වත්මනෙහි අත්පත් කරගෙන සිටින යුග පරිවර්තනය උදා කර ගැනීම වෙනුවෙන් ඝාතනයට ලක් වූ, පැහැරගැනීමට ලක් වූ, අතුරුදන් වූ සහ අනෙකුත් ආකාරවල පීඩාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරිම ජනවාරි මාසයේදී සිදුකරන බව යි.
ඒ අනුව 2004 සිට 2014 දක්වා ඝාතනයට ලක්වු හෝ අතුරුදන් කළ මාධ්‍යවේදීන් 13 කු වන්නේ, අයියාතුරේ ජී. නඬේසන් – 2004. 05. 31කන්දසාමි අයියර් බාලනඩරාජ් – 2004 අගෝ. 16ධර්මරත්නම් සිවරාම් – 2005 අප්‍රේල් 28රේලන්ගී සෙල්වරාජා -2005 අගෝස්තු 12සුබ්‍රමනියම් සුගීර්දරාජන් – 2006 ජනවාරි 24සම්පත් ලක්මාල් ද සිල්වා – 2006 ජූලි 02සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් – 2007 පෙබරවාරි 15 (අතුරුදහන්)සුභාෂ් චන්ද්‍රබෝස් – 2007අප්‍රේල් 16 – වව්නියාවසෙල්වරාසා රජීව්වර්මන් – 2007 අප්‍රේල් 29සහදේවන් නිලක්ෂන් – 2007 අගෝ. 01පරණිරූපසිංහම් දේවකුමාර් – 2008 මැයි 28ලසන්ත වික්‍රමතුංග – 2009 ජනවාරි 08ප්‍රගීත් එක්නැලිගොඩ – 2010 ජනවාරි 24 – (අතුරුදහන්) බරපතල ප්‍රහාර/පැහැරගැනීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ලාල් හේමන්ත මාවලගේ – ප්‍රහාර – 2007. 01. 26ටී.එම්.ජී චන්ද්‍රසේකර – පහරදීම – 2007. 12. 27රධිකා දේවකුමාර් – වෙඩි තැබීම – 2008. 03. 07කීත් නොයාර් – පැහැර ගැනීම හා ප්‍රහාර -2008 මැයිනාමල් පෙරේරා – ප්‍රහාර – 2008. 06. 30උපාලි තෙන්නකෝන් – ප්‍රහාර – 2009. 01. 23 නඬේසපිල්ලේ විද්‍යාදරන් – පැහැර ගැනීම- 2009.2.26පෝද්දල ජයන්ත – පැහැර ගැනීම හා ප්‍රහාර – 2009. 06. 01ඥාණසුන්දරම් කුගනාදන් – ප්‍රහාර – 2011 ජූලි 29ක්‍රිෂ්ණි ඉෆාම් – පැහැර ගැනීම – 2009. 06. 24මන්දනා ස්මයිල්ට තර්ජනය කරමින් ලිපි ගොනු සෙවීම – 2013. 08. 24ලාල් හේමන්ත මාවලගේ – ප්‍රහාර – 2007. 01. 26ටී.එම්.ජී චන්ද්‍රසේකර – පහරදීම – 2007. 12. 27රධිකා දේවකුමාර් – වෙඩි තැබීම – 2008. 03. 07කීත් නොයාර් – පැහැර ගැනීම හා ප්‍රහාර -2008 මැයිනාමල් පෙරේරා – ප්‍රහාර – 2008. 06. 30උපාලි තෙන්නකෝන් – ප්‍රහාර – 2009. 01. 23නඬේසපිල්ලේ විද්‍යාදරන් – පැහැර ගැනීම- 2009.2.26පෝද්දල ජයන්ත – පැහැර ගැනීම හා ප්‍රහාර – 2009. 06. 01ඥාණසුන්දරම් කුගනාදන් – ප්‍රහාර – 2011 ජූලි 29ක්‍රිෂ්ණි ඉෆාම් – පැහැර ගැනීම – 2009. 06. 24මන්දනා ස්මයිල්ට තර්ජනය කරමින් ලිපි ගොනු සෙවීම – 2013. 08. 24 ප්‍රහාරවලට ලක් වූ මාධ්‍ය ආයතන සුඩර්ඔලි පුවත්පත – 2005. 08. 29, 2005. 09. 29 අත්බෝම්බ දමා ගැසීමඋදයන් පුවත්පත – 2006. 05. 02, 2013. 03. 13 ඇතුලූ බරපතල ප්‍රහාර කිහිපයක්සිරස මැදිරි සංකීර්ණ විනාශ කිරීම – 2009 ජනවාරි 8සියත ප්‍රහාරය – 2011 ජූලි 30ඊ නිවුස් ගිනිතැබීම – 2011. 01. 11 සහ තවත් හිරිහැර කිරීම් එලෙස අතීතයේදී ඇදවැටුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමට මෙන්ම වත්මනෙහි රාජකාරියේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට ගිවිසුම්, වැටුප් සහ අනෙකුත් වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීමට මෙන්ම ප්‍රකාශන නිදහසට බාධා කරන නීතිරීති ඇතුළු බාධා ඉවත් කරගැනීමද කළු ජනවාරි සැමරුමේදී අපේක්ෂා කරන බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.