නිසිකලට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් විපක්ෂයේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එක්ව හෙට පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඊට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරලා . මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල සහ අනුරා එක්වයි.
පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂය කල්තැබීමේ යෝජනා ගෙන එද්දි ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලයේ පටලැවිලි ලියන්න කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්න සූදානම් වෙන බව දැනගන්න තියෙනවා. මේ යෝජනාවට අනුමැතිය ඊයේ ලැබුණා කියලත් ආරංචි. මොකක්ද මේ යෝජනාව ඒ යෝජනාව තමයි ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහයි කියලා ස්ථීර කරලා සංශෝධනයක් ගෙන ඇවිත් ව්‍යවස්ථාව ශක්තිමත් කරලා දුර කාලය ස්ථිර කිරීම .
ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව තවදුරටත් අපට සැකයක් තියාගන්න සැක සංකා ඉතිරිවෙලා නැහැ. ඊට හේතුව තමයි අධිකරණය විසින් අවස්ථා දෙකකදීම 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහයි කියලා තහවුරු කරලා අවසානයි. අවසාන වශයෙන් මීට දින කීපයකට ඉහතදී අධිකරණය විසින් ඒක තවදුරටත් තහවුරු කරනු ලැබුවා. එසේ තියෙද්දි ආණ්ඩුව මොකටද මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනයක් අරගෙන ඇවිත් ජනාධිපතිවරයාගේ දුර කාලය වසර පහයි කියලා කියන්න හදන්නේ.
ඔබ දන්නවා තව සතියක් ඇතුළත මැතිවරණ කොමිසන් සභාවට ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ලැබෙනවා. මෙන්න මේ කාලයට ප්‍රථම මේ ආණ්ඩුව උත්සාහයක් දරනවා ජනාධිපතිවරණය එක දවසකින් හරි කල් තබාගන්න.
යම්කිසි විදිහකට කඩිමුඩියේ සතිය ඉවර වෙන්නට මත්තෙන් මේ කියන ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ආවොත් පාර්ලිමේන්තුවට ඊට එරෙහිව යම් කිසි කෙනෙක් අධිකරණය හමුවට ගියොත් එනඩුකරය අවසාන වෙනතුරු මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට බලාගෙන ඉන්න වෙනවා.
ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ කුමන හෝ විදිහකින් මේ ජනාධිපතිවරණය පැවැත්වීම කල් තබා ගන්නයි. ඒ සඳහා සියලු උපක්‍රම භාවිතා කරමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කල් මරණ බව අපිට පැහැදිලි.
ආණ්ඩුව මේ තරම් සැහැල්ලුවට මේ ජනාධිපතිවරණය මගහැර යන්න උත්සාහ දරන්නේ ඇයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ විපක්ෂයේ අදේශපාලනික හැසිරීමයි.
ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ජනතාවට එරෙහිව කරන කුමන්ත්‍රණ නවත්වන්නට බල කරමින් ජනතා පෙළගැස්මක් හදන්නේ නැතුව විපක්ෂය විශ්වාසය තබාගෙන ඉන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරාවි කියලා. එනිසාම ආණ්ඩුවට ලේසි වෙලා තියෙනවා මැතිවරණය කල් තබා ගන්නට විවිධ උපක්‍රම අත්හදා බලන්න. මේ වන විටත් ශක්තිමත් ජනපෙළගැස්මක් රනිල් රාජපක්ෂලාට එරෙහිව නිර්මාණය වී තිබුණා නම් මැතිවරණ කඩාකප්පල් කිරීමට දරණ උත්සාහය පාලනය වීමට ඉඩ තිබුණි.
නමුත් මේ ඔලමොට්ටල විපක්ෂය ජනතාව දේශපාලනිකව මුවහත් කරනවා වෙනුවට මොට කරමින් ඉන්නවා. “Bertolt Brecht ගේ කියමනක් තියෙනවා ඉතාම නරකම නූගත්කම දේශපාලන නූගත්කම කියලා” මෙන්න මේ දේශපාලන නූගත්කමේ ජනතාව ගිල්වන්න මේ මොහොතේ වැඩකරමින් සිටින්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ව්‍යවස්ථාවට අනුව මැතිවරණය තියයි කියන මෝහනයට පත්වෙලා ඉන්න විපක්ෂය.
මේ වෙලාවේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඇවිත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5යි කියන තැනට සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ ජනතාව තුළ මැතිවරණය පිළිබඳව භීතියක් ඇති කිරීමටත් සැකයක් ඇති කිරීමටත්ය. ආණ්ඩුවේ මේ උත්සාහය පරාජයට පත් කිරීමට හැකිවෙන්නේ පාර්ලිමේන්තුව තුළ කල් තැබීමේ විවාද කිරීමෙන් නොව මහපාරට ජනතාව කැඳවා දේශපාලනික වශයෙන් දැනුවත් කර පෙළගැස්වීමෙන් පමණි .
රනිල් රාජපක්ෂ අසුද්ද සන්ධානය පරාජයට පත්කර දේශපාලන ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් එය ජනතාව සමග එක්ව බව අප ලියා තබමු.