වාරියපොල නිධන් කොල්ලයේ ප්‍රමුකයෝ රාජ්‍ය නිලධාරීන්

වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑටිය නුවරකන්ද පුරාණ රජමහා විහාර භුමියේ දෙසැම්බර් 18 වන දිනයේ දී නිධන් හැරීමට උත්සහ ගත් පිරිසක් කුරැණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . මේ සම්බන්දයෙන් සැකපිට රාජ්‍ය නිලධාරීන් ග්‍රාමසේවක වරුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත . නුවර කන්ද පුරාණ විහාරස්ථානයේ අඩි 40ක පමණ වළක් හාරා නිදන් සෙවූ පිරිසක් ප්‍රදේශවාසීන්ගේ සහයෙන් මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේ කරනු ලැබුවේ කුරැණෑගල පොලිස් නිළදාරින් විසිනි.

මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් පුරාණ විහාරස්ථානයක් වන අතර මෙහි විටින් විට නිදන් හැරීම සිදු වු බව පොලිස් ස්ථානවලට දැනුවත් කලත් කිසිවකු අත් අඩංගුවට ගැනීමට ඔහු උනන්දුවක් දක්වා තිබුණේ නෑ. එම නිසාම ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේදී නිධන් හාරමින් සිටි මෙම පිරිස අල්ලා ගෙන පොලීසියට බාර දී තිබේ. මෙම පුරාණ වස්තු විනාශ කරමින් කරන නිදන් හැරීම විටින් විට සිදු කරන අතර ප්‍රදේශවාසීන් කියන්නේ ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ හා පොලිසිය සම්බන්ධතාවයක් ඇති බවයි .මෙයට අමතරව නුවරකන්ද පුරාණ රජමහා විහාරස්ථානයට අයිති ඉඩම් මංකොල්ලයක්ද දීර්ඝකාලීනව සිද්ධ වෙමින් පවතින අතර කොළඹ ප්‍රදේශයෙන් එන පුද්ගලයන් විසින් විටින් විට මෙහි අක්කර සිය ගණන් ඉඩම් අල්ලාගෙන ඇති අතර රජයේ මැදිහත්වීමෙන් මෙය වළක්වන ලෙස ඉල්ලුවත් එය වළක්වාලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ කිසිවෙකු මැදිහත් වී නොමැත. මේ හේතුවෙන් අක්කර අටසියයකට වැඩියෙන් තිබුණු ඉඩම් ප්‍රමාණය අද වන විට අක්කර 13 වැනි කුඩා ප්‍රමාණයකට පත්ව ඇති අතර පන්සල අහිමිවීමේ අවදානමක් ද ඇති බව ප්‍රදේශවාසීන් හා එහි වැඩ සිටින ස්වාමීන් වහන්සේ විසින් පවසන ලදී .

දැදුරු ඔය නිම්නයේ ඉතා සශ්‍රීක විහාරස්ථානයක් ලෙස පැවති නුවරකන්ද පුරාණ රජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයේ සිට විවිධ ලෙසින් විනාශ වෙමින් මේ වන තෙක් ආරක්ෂා වෙමින් පැවති විහාරස්ථානයක් වන අතර මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා රජයේ අවධානය ඉතා අඩුවෙන් ලැබෙන නිසා මෙවන් නීති විරෝධී ක්‍රියා සිදු වන බව ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...