යක්කල පෙසප කාර්යාලයට ආණ්ඩුවෙන් මැර ප්‍රහාරයක්

ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සහා ගන්නා ලද බව එම පක්ෂය පවසයි. 100කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගන කාර්‍යාලයට කඩා වැදී තිබෙන අතර එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත්‍ වී ඇත.

මෙම මෙලෙච්ඡ පහරදීම නැවැත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුකර නොමැති අතර ඔවුන් ආණ්ඩුවේ මැරයින්ට සහයෝගය දක්වන ලද බව වාර්තා වේ.
ජවිපෙන් පෙසප ඛණ්ඩනයත් සමග පෙසප කණ්ඩායම සතු වූ මෙම කාර්‍යාලය දැනට අවුරුදු 14ක් තිස්සේ එම පක්ෂය විසින් පරිහරණය කරන බව වාර්තා වේ. මෙම පක්ෂයේ මැතිවරණ කටයුතු පක්ෂ සංවිධාන කටයුතු බහුජන මැදිහත් වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වන බවත් නඩු තීන්දුවක් ඇතැයි පවසමින් ආණ්ඩුවේ මැරයි මෙසේ මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත්ම යුක්ති සහගත නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මෙහිදී මාධ්‍යවෙත පවසා ඇත.

ඔහුද මෙම පහරදිමෙන් තුවාල ලබා ඇත. එහිදී වැඩිදුරටත් සුජිත් කුරුවිට පෙන්වා දුන්නේ යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමඟ පැමිණිය යුතු බවත්, අදාල ස්ථානයේ තමන්ගේ පක්ෂයට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තාකාලය සතු පොත්පත් විශාල ප්‍රමාණයක් තිබෙන බවයි. ආණ්ඩුව රජයේ කාර්‍යාල සුද්ධ කිරීම යැයි ව්‍යාපෘතියක් පටන් ගෙන දැන් එය තමන්ට විරුද්ධ මත දරණ දේශපානලන පක්ෂවල කාර්‍යාලවලට පහරදීමේ උපක්‍රමයක් දක්වා වෙස් මාරු කිරීම පිළිකුල් සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...