Breaking News

වැඩ කරන පංතියේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමට එරෙහිව එක්ව සටන් වදිමු – අන්තරේ

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සංවිධානය නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍යයක් දිනාගැනීමටත්, වැඩ කරන ජනතා අයිතීන් දිනාගැනීමටත් එක්ව සටන් වදින ලෙස වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වැඩකරන ජනතාවනි, නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍යයක් දිනාගැනීමටත්, වැඩ කරන ජනතා අයිතීන් දිනාගැනීමටත් එක්ව සටන් වදිමු.

ගතවන මොහොත තීරණාත්මකය. කෝවිඞ් 19 වසංගතය සමස්ත ලෝකයම වෙලා ගනිමින් තවදුරටත් පැතිර යමින් තිබේ. මනුෂ්‍ය සංහතිය පෙර නොවූවිරූ දැවැන්ත ඛේදවාචකයකට වේගයෙන් ඇද වැටෙමින් තිබේ. සියල්ල ලාභයම පමණක් කරගත් නරුම පාලන ක‍්‍රමයකට ලෝකය නතුව තිබීමේ ප‍්‍රතිවිපාක කෝවිඞ් 19 වසංගතය විසින් ද සනිදර්ශනව, වේදනා සහගතව පෙන්වා දෙමින් සිටියි. මේ ගතවන මොහොත වසංගතය විසින් ඇති කරන ඛේදවාචකයේ බර ද නැවතත් සමාජයේ පාතමාලය නියෝජනය කරන දුක් විඳින, වැඩකරන ජනතාව මතම නින්දා කටයුතු අයුරින් පටවමින් සිටින මොහොතකි.

කෝවිඞ් 19 පැමිණීමට පෙර අප සිටියේ සුමට සොඳුරු දිවි පෙවතක් ගතකරමින් නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, වැඩිහිටි හා ළමා සුබසාධනය වැනි මූලික සමාජ ආරක්ෂණ සේවාවන් පවා උදුරාගනිමින් ක‍්‍රියාත්මක වන කෲරතර නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව අඛණ්ඩව සටන් වදින්නට සිදුවිය. අද කෝවිඞ් 19ට මේ මට්ටමින් හෝ මුහුණ දෙන්නේ එසේ සිදුකළ අරගල මගින් නිදහස් සෞඛ්‍යයේ අංශු මාත‍්‍රයක් හෝ ආරක්ෂා කරගත් හෙයිනි. කම්කරු අයිතීන්, කම්කරු ආරක්ෂණයන් උදුරාගන්නට කම්කරු ධවල පත‍්‍රිකාව වැනි නව අණපනත් සැකසිණි. විශ‍්‍රාම වැටුප උදුරා ගැනුනි. MCC වැනි ගිවිසුම් හරහා ගොවි ජනතාව බහුජාතික සමාගම්වලට ශ‍්‍රම වහලූන් කරන්නට පිඹුරුපත් සැකසිනි. ETCA, ACSA, SOFA, සිංගප්පූරු වැනි ජනතා ද්‍රෝහී ගිවිසුම් කරළියට පැමුණිනි. ප‍්‍රතිත‍්‍රස්ත පනත වැනි පනත් හරහා අයිතීන් වෙනුවෙන් සිදු කරන අරගලයත් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස නිර්වචන සම්මත කරගන්නට කූට උත්සාහයන් ක‍්‍රියාත්මක විය. වතු කම්කරුවන් දිනක වැටුප රු.1000ක් කරන ලෙස සිදුකළ ඉල්ලීම් පාලකයන්ට අලූයම ලූ කෙළ පිඬක් සේ පිළිකුල් විය.

ලාභය පමණක් සොයන කුරිරු ආර්ථික ක‍්‍රමය එහි නිස`ග අර්බූදයන් සියල්ල පලවා හැරියේ වැඩකරන පංතියේ ජනතාවගේ කර මතිනි. පෘතුවිය මෙන් දෙගුණයක ග‍්‍රහලොවකට සරිලන තරම් ආහාර නිෂ්පාදනය කළත් දිනකට 25000කට අධික පිරිසකට කුසගින්නේ මිය යන්නට සිදුව ඇත්තේ එහෙයිනි. මෙරට ජනහගනයෙන් 27.1%ක් මන්දපෝෂණයට ගොදුරුව ඇත්තේ එහෙයිනි. දෛනිකව පාසල් සිසුන් 1400000කට කුසගින්නේ පාසල් යන්නට සිදුව ඇත්තේ එහෙයිනි. මෙරට දරුවන් 420000ක් කිසිඳු දිනයක පාසලකට නොගොස් ඇත්තේ එහෙයිනි. මිලියන 220ට ආසන්න පිරිසක් ළමා ශ‍්‍රමිකයන් ලෙසින් සමස්ත ලෝකයේත් ලක්ෂයකට අධික පිරිසක් මෙරටත් කුණු කොල්ලයට විකිණෙන්නේ එහෙයිනි. තවත් පරම්පරා දෙකකට පසු මිනිස් සංහතියේ අවසානය සනිටුහන් විය හැකි බවට අනතුරු ඇ`ගවීමට හැකිවන තරම්ම පරිසරය විනාශ කරමින් මිනිස් සමාජයට අනාගතයක් අහිමි කොට තිබෙන්නේ ලාභ කඳු ගොඩගැසීම වෙනුවෙනි.

අප ජීවත් වන ලෝකය එබඳුය. එය සියලූ මනුෂ්‍ය සාරයන් ලාභයේ ගිනිදළුවලට බිලිදෙමින් සිටියි. ඕනෑම පරිමාණයේ යුද්ධයකට ඕනෑම අවස්ථාවකදී මුහුණ දෙන්නට තරම් අවි ආයුධ ලෝකය තුළ ගොඩගසා තිබේ. නමුත් ඕනෑ තරමට වඩා සම්පත් තිබියදීත් දරුවන්ගේ කුසගින්න නිවන්නට තරම්වත් පවතින පාලන ක‍්‍රමය සමත් නැත. ඉදින් කෝවිඞ් 19 ට මුහුණ දීම පිළිබඳ කතා කළ යුතු දෙයක් නැත. ලෝක බලවතුන් යැයි හඳුන්වාගන්නවුන් සියල්ලම කෝවිඞ් 19 ඉදිරියේ ඇද වැටී ඇත. සියල්ල ලාභයේ වියගසට යටත් කරමින් ක‍්‍රියාත්මක කළ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් දැනටමත් ලක්ෂ ගණනින් මිනිස් ජීවිත බිලි වී ගොස් හමාරය. කෙළකෝටි ගණනින් වියදම් කරමින් න්‍යෂ්ටික අවි නිපදවන ලෝකයක කෝවිඞ් 19 ආසාදිතයෙකුට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය හදිසි ප‍්‍රතිකාර ඇඳක් සොයාගන්නට නැත. PCR යන්ත‍්‍ර ප‍්‍රමාණවත් නැත.

මෙම වසංගත තත්ත්වය විසින් පොකුරු පිටින් මිනිස් ජීවිත බිලිගනිමින් සිටියදීත් ලෝක බලවතුන් යැයි හඳුන්වාගන්නවුන්ගේ අවධානය යොමුව තිබෙන්නේ ආර්ථික ආධිපත්‍ය පවත්වාගෙන යාම සඳහාය. පිළිකුල් සහගත ලෙස ඔවුන් ඒ සඳහා ජනතාවට ජීවිත කැප කරන්නැයි ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටින්නට තරම් නිර්ලජ්ජිත වී ඇත. දැනටමත් සමාජයේ පාතමාලයේ ජීවිත දිනකට දහස් ගණනින් පාලකයන්ගේ ලාභ රේට්ටු වෙනුවෙන් බිලි දෙන්නට සිදුව ඇති යථාර්ථය ඔවුහු ස`ගවති. මෙරට පාලකයන්ද ජනතාවගේ ජීවිත බිල්ලට තබමින් බලලෝභීව මැතිවරණයකට පාර කපන අයුරු අප අත්විඳිමින් සිටිමු. කෝවිඞ් 19න් පසු ලෝකය ද සුන්දර සුරපුරක් වන්නේ නැත. ආර්ථික අර්බූදයේ පතුළටම කිමිදීම හැර වෙනත් විකල්පයක් පාලකයන්ට ඉතුරු වී නැත. වසංගතයට හා එමගින් ඇති කරන ආර්ථික බිඳවැටීම්වල ඛේදවාචකයේ බර කර ගසන්නට ඔවුන් ඉදිරියට දමන්නේ වැඩ කරන පංතියේ ජනතාවගේ ජීවිතය. දහස් ගණනින් රැුකියාවලින් පලවා හැරීමට නියමිතය. විරැුකියාව තවදුරටත් ඉහවහා ගිය සමාජයක් අප ඉදිරියේ නිර්මාණය වෙමින් පවතියි. ඉතුරුව පවතින අයිතිවාසිිකම් සොච්චමත් අත්තනෝමතික ඒකාධිකාර බලහත්කාරයකින් යුතුව කොල්ලකෑමට නියමිතය. සමාජ ආරක්ෂණයන් මුළුමනින්ම අහිමි වීමට නියමිතය. මහා පරිමාණ සාගතයකට ලෝකයම ඇද දැමීමට නියමිතය. වැඩ කරන පංතියේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමට නියමිතය. මේ මොහොතේ මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම පාලකයන් සිදුකරමින් සිටින්නේ එයයි. එහෙයින් කම්කරු, ගොවි, ධීවර, වෘත්තික, ශිෂ්‍ය, සියලූ බලවේගයන් එක්ව අයිතීන් වෙනුවෙන්, වඩාත් යහපත් හෙට දිනක් වෙනුවෙන් සටන් වැදිය යුතුය. ඉතිහාසය විසින්, මනුෂ්‍යත්වය විසින් ඉල්ලාසිටින අපගේ කාර්යභාරය එයයි. එහෙයින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී එකී ඒකාබද්ධ අරගලයට සියලූ වැඩකරන ජනතාවට ඇරයුම් කරන අතරම ජයග‍්‍රහණය ප‍්‍රාර්ථනා කරමු. එක්වෙමු ! සංවිධානය වෙමු ! සටන් වදිමු !

leave a reply