පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්න අනුරගෙන් පොරොන්දුවක්

Date:

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක පැවසුවේ පැරණි පරීක්ෂණ දෝෂ සහිත සහ අසම්පූර්ණ ඒවා බැවින් සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා නව පරීක්ෂණ ආරම්භ කිරීමට අවශ්‍ය විය හැකි බවත්ය.

“යුක්තිය ප්‍රමාද වීමට දේශපාලනය ප්‍රධාන හේතුවක්. බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් ප්‍රහාරවලින් පසු ඉක්මනින් බලයට පත්වුණා. ඔවුන්ගෙන් සමහරක් ඉහළ තනතුරු පවා දැරුවා. එවැනි තත්වයක් තුළ, නිසි පරීක්ෂණයක් ඉදිරියට යනු ඇතැයි අපට අපේක්ෂා කරන්න පුලුවන්ද?”

සාක්ෂි මකා දමා, සඟවා හෝ මුල් පරීක්ෂණ නොමඟ යවා ඇති බව ජනාධිපතිවරයා තවදුරටත් පවසයි.

“මේක ඊයේ සිදුවූ සිදුවීමක් නෙවෙයි, සංකීර්ණ සහ සම්මුතිවාදී තත්වයන් යටතේ අපට උරුම වූ සිදුවීමක්. නමුත් මම විශ්වාස කරනවා CID එක දක්ෂයි කියලා,” ඔහු පැවසීය.

“හිටපු හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පරීක්ෂණ අඛණ්ඩව සහ ඉදිරියට යමින් පවතී.”

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මැතිවරණයට පෙර මේ සම්බන්ධ යුක්තිය ලබාදීමට පොරොන්දු වීමේදී මෙවැනි හේතු ඉදිරිපත් කළේ නැත. ඔහු එය සඳහන් කළේ බලයට පත්වී පළමුවෙන්ම විසදනු ලබන ප්‍රශ්නයක් ලෙසයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...