හුස්ම හිර වෙන්නෙ ඇයි කියා සිතන්න අවසන් ගසත් කපන තුරු බලා ඉන්නවා ද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර 123302 කකි.

ඉහළ කඳුකර වැසි වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.1 කකි. එය හෙක්ටයාර 73271 ක වනාන්තර ප්‍රමාණයකි.

ඒ අනුව මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් වැසි වනාන්තර වලින් වැසී ඇත්තේ සියයට 3 ක් වූ ඉතා ම සුළු බිම් ප්‍රමාණයකි.
එම වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 196573 ක් පමණ වේ.

ඉන් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ සියයට 65 ක වනාන්තර ප්‍රතිශතයකි. ඉතිරි වනාන්තර ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව යටතේ පාලනය වේ.

වර්ගකිලෝමීටර 65610 ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 0.6 ක් පමණ ආවරණය වන සිංහරාජ රක්ෂිත වනයේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 40 ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 39 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි.

මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 42 ක් මේ වන විට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 27 ක් සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 13 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුලුවන් හා ක්ෂීරපායීන් විශේෂය බැගින් වෙයි.

මෙවන් වූ සුවිශේෂී වැසි වනාන්තර පද්ධතියක් ආරක්ෂා කර ගැනීමට අනාගත පරපුර දැනුම්වත් කිරීම අප සැමගේ යුතුකමකි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...