විල්බැරෝවකින් බඩු ගෙනගිය පුද්ගලයෙක් අත්අඩංගුවට!

අද දිනයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබූ වීඩියෝවක සිටි වීල් බැරෝවක ආධාරයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අලුත්ගම දර්ගා ටවුන්හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ මෙම පුද්ගලයා මුඛ ආවරණයක් පැළඳ නොසිටීම හේතුවෙන් නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීම යටතේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම පුද්ගලයාට එරෙහිව නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...