මං දැකලා තියනවා මේ අවකාශය ඇතුළෙ ඇතැම් වාමාංශික අදහස් දැරූ සහෝදරයන් පවා මේ කෝවිඩ් වෛරසය ඉදිරියේ මිනිසත් බව පිළිබඳ සත්භාවී ප්‍රශ්න නඟනවා.ඒ කියන්නෙ වෛරසයට වගකියන්න ඕන මිනිස්සු,එහෙම නැත්නං මේ වෛරස් එක ඇවිල්ලා තියෙන්නෙ මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න,මේක ස්වාභාව ධර්මය එවලා තියෙන්නෙ මිනිස් ගහණය අඩු කරලා වැඩේ බැලන්ස් කරන්න වගේ අතිවිඤ්ඤාණවාදී අදහස් පද්ධතියක් සූත්‍රගත කරන්න මේ සහෝදරවරුන් කටයුතු කරමින් සිටිනවා.
පළමුවෙන් ම අපි මේ ස්වාභාව ධර්මය කියන්නෙ මිනිසා අයත් නො වන මිනිසාගෙන් බාහිර අනෙකක් ද යන්න ගැන අවධානය යොමු කළ යුතුයි.මිනිසා සිදු කරන දේ හැර අනෙක් සියල්ල සොබාදහම ලෙස අපට ඉගැන්නුවෙ මං හිතන්නෙ පහ වසරෙ පරිසරය පාඩමට වෙන්න ඕන.ඒත් දැන් අපි ඉන්නෙ පහ වසරෙ නෙවෙයි නිසා සොබාදහම ගැන ඒ පාඩම චූටියි කියලා අපට තේරෙන්න ඕන.මිනිහෙක් ගහක් කපන එක යි අලියෙක් ගහක් විනාශ කරන එක යි ගත්ත ම මිනිස් ක්‍රියාකාරකම කෘත්‍රිම වෙලා අරක ස්වාභාවික වුණේ කොහොමද ? කුරුල්ලෙකු කූඩුව හදන අනේ….!!! ෂෝයි වෙලා මිනිසුන් ගොඩනැගිලි හදන එක ඉකේයියා වුණේ කොහොමද ?ඒ නිර්ණායකය ම භාෂාව මත පදනම්ව මිනිසා ම හදාගත්ත එකක්.ඒ විදියට ගත්ත ම භාෂාව කියන්නෙත් ස්වාභාවික දෙයක්.කුරුල්ලො කීච්බීච් ගාන එක ස්වභාවික වෙලා උදේට කචබච ගාන පොඩි උන් රංචුවක් කෘත්‍රිම වෙන්න බෑනෙ.
අනෙක් එක මේ ස්වභාව ධර්මය වෙන් කරන්න හදන අය දන්නෙම නැතුව ආයෙ කරමින් සිටින්නෙත් මිනිස් භාෂාවෙන් ම ආපහු ස්වාභාව ධර්මය අර්ථකථනය කිරීම නෙවෙයිද ? සොබාදම් මාතාව,මහීකාන්තාව කිය කිය නහින්න හදන මේ අය, මේ ආරෝපණය කරන්නෙ මනුෂ්‍ය භාවය ම යි කියලා ඊළඟ පරම්පරාවටවත් කියල දෙන්න ඕන.සොබාදම් මාතාව කියලා මේ වෙන ව්දියකට උත්කර්ෂයට නංවන්නෙ දේවධර්මවාදය ම බව අප ඔව්න්ට අවබෝධ කර දෙන්න ඕන.
ඊ ළඟ ප්‍රශ්නෙ තමයි මේ අය සොබාදහම මේ පෘථිවි ගෝලයට අදාළව පමණක් අර්ථකථනය කර ගැනීම.ඒ අයට විශ්වය චක්‍රාවාටය තබා සෞරග්‍රහ මණ්ඩලය පවා සොබාදහමේ ම කොටස් ලෙස නො පෙනී යයි.මිනිසා විෂ වායු නිපදවා සොබා දහම විනාශ කරතැ යි මර හඬ තලන මේ පිරිවර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝකවලට මීතේන්,ඇමෝනියා,කාබන් මොනොක්සයිඩ් රැගෙන ගියේ කවුරුන්ද, යන්න ප්‍රශ්න නො කරති.පෘථිවියේ ජල ගෝලයට මිනිසා කරන විනාශය දැක කම්පා වන මොව්හු සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකයන්හි ජලය සොයා යන මිනිස් භාවිතාව ගැන මුනිවත රකිති.
මේ අනුව අනෙක් ග්‍රහලෝක මිනිසාගේ වාසයට නුසුදුසු වාසස්ථාන බවට පත් වීමට මිනිසා විසින් විශේෂයෙන් සිදු කළ කාර්‍යභාරයක් නොමැති බව පැහැදිලි ය.එපමණක් නොව පෘථිවිය මත පවා ගිනි කඳු,භූ කම්පන,සුළි කුණාටු හා සුනාමි බඳු මිනිස් අර්ථකථනයන්ට අනුව බරපතළ ම ව්‍යවසනයන් ලෙස හඳුන්වන ස්වාභාවික සංචලන විෂයෙහි කවර මිනිස් ක්‍රියාවක් බල පා ඇත් ද, ඔව්න් යන්න පැහැදිලි කළ යුතුව ඇත.
මින් පෙනීයන කරුණ වන්නේ සොබාදහමට මිනිසා සිදුකරන දරුණු බලපෑම සම්බන්ධයෙන් වද වෙන බොහෝ දෙනා සැබවින් ම වද වන්නේ සොබා දහම ගැන නොව මිනිසා ගැන ම වන බව ය.
එසේ නම් එය මනුෂ්‍යයත්වය ගර්හාවට ලක් කර සිදු කළ හැක්කක් නොව සොබාදහම පිළිබඳ සැබෑ දියුණු ච්න්තනයක් සහිත මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයක් යටතේ පමණක් විසඳා ගත හැක්කක් බව අමතක් නො කළ යුතුය.කොරෝන අර්බුදය වුව විසඳනුයේ එබඳු මනුෂ්‍ය භාවිතයකින් මිස බකමූණු බකුසු ව්‍යවහාරයකින් නො වනු ඇත.
ඒ තමයි සොබාදහම.