මිහිකත උණුසුම වැඩි වුනොත් මිනිසා වඳ වීමයි ගැටලුව

පරිසර අර්බූද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. පරිසර අර්බුදය ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී සිටින්නේ මිනිසාය. මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන ලෝකයේම  උෂ්ණත්ව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පවතින තත්වයට අනුව පුරෝකතනය කර තිබෙන ආකාරයට තවත් සෙල්සියස් අංශක හතරකින්   උෂ්ණත්වය ඉහළ ගියොතින් අප මේ ජීවත් වෙන පෘථිවි තලය  ඉතා ඉක්මනින් විනාශයේ දොරටුව කරා  ඇදී යනවා. දැනටමත්  මිනිස් ක්‍රියාකාරකම් වල අනිසි ඵලවිපාක  ලෝකයේ බොහෝ රටවල්වල ජීවත්වෙන මිනිස්සු අත්විඳිමින් ඉන්නවා.  මේ දැවැන්ත විනාශය පිළිබඳව  දැනුවත්භාවයක් තිබුනත්  ලෝක දේශපාලන බලවතුන් තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන්  මේ අනතුර පිළිබඳව තැකීමක් නැතුව කටයුතු කරමින් සිටිනවා.

මේ දැවැන්ත අනතුරේ කොටස්කරුවන් බවට  ඔබවත් මාවත් ඇඳ දමමින් අපේ රටේ පාලකයන්ද  පුංචි දූපතේ හතර දිග්භාගයේ කැලෑ ටික එළිපෙහෙළි කරමින්  සංවර්ධන නැමැති මායාවෙන්  මිනිසුන් අන්ද  කරමින් ඉන්නවා. ජීවත්වන්නට නම්  ඔබටත් මටත් මීට එරෙහිව අරගල කිරීමට සිදුවෙනවා.  ලෝක පරිමාණ අරගලය කොටස් කරුවන් බවට පත්වෙන්න  සිදුවීම වළක්වන්න බැහැ.

 ඔක්තෝබර් 10 වනදා  බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුව ඉදිරිපිට  කාන්තා උද්ඝෝෂණයක් පැවතිය.  තම රජයට බල කරමින් මේ කාන්තාවන් අසා සිටියේ  ඉදිරියේදී සිදුවීමට නියමිත මේ ව්‍යසනයට  වගකියන්නේ කවුද යන්නය.

මෙම උද්ඝෝෂණයට සහභාගී සාමාජිකාවක් වන   සාරා මින්ට්‍රම් මෙසේ පැවසිය : “දැන් අපි ඔබේ අවධානයට ලක්ව ඇත්තෙමු… දැන් ලෝකයේ යුද්ධය, සාගතය, නියඟය, අවතැන්වීම  වැඩි වෙනවා. තවත් 4˚C හතරකින් ලෝක උෂ්ණත්වය වැඩි වුනොත් අපිව ආරක්ෂා කරන්න  අප ආරක්ෂා කරන්නේ කවුරුද.  මෙම විනාශය  නවතා ගන්නට නොහැකි වුනොත් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමට අපට නොහැකි වෙනවා.  දැනටමත් දකුණු අර්ධගෝලයේ මෙහි ඵල විපාක විඳිමින් ඉන්නවා.

මෙම උද්ඝෝෂණය විශේෂත්වයක් වන්නේ ඊට සහභාගි වී සිටි සියලුම කාන්තාවන් කළු ඇදගෙන උඩුකය නිරුවත්ව  නොසිටීමයි. ඒ වගේම පාර්ලිමේන්තු තප්පෙට  හේත්තුවී කෙළින් සිටි සියලුම දෙනා තමන්ගේ ගෙල වැටට හසු වෙන ආකාරයට  ලොක් දමාගෙන සිටීමයි .   ඔවුන් එලෙස කරන්නේ පොලිසිය මැදිහත්ව මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමට එරෙහිවය.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...