Breaking News

කොරෝනා පැතිරීම ගැන හමුදාපති ජනතාවට චෝදනා කරයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමෙන් පසු හමුදාපතිවරයා සුපුරුදු ලෙස ජනතාවට චෝදනා කිරීම අරඹා තිබේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳව අද දින (04.10.2020) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී හමුදාපතිවරයා මෙම චෝදනාව එල්ල කර තිබුණි.

හමුදාපතිවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේ,
“ඒ එක්කම අප දැක්කා පසුගිය දින කීපයේදී සෑම දිනකම පාහේ විද්‍යුත් නාලිකා මාර්ගයෙන් අප දැනුම් දුන්නා ජනතාවට කොවිඩ් 19 තිබෙනවාද කියාවත් දන්නේ නැති ආකාරයට හැසිරෙන තත්වයක් අප දැක්කා. ඊයේ දිනයේත් අප දැනුම් දුන්නා මේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියා. නමුත් එසේ ක්‍රියා කරන්න කීවත් කිසිම උනන්දුවක් දැක්වූයේ නැති තත්වයක් තිබුණා. ඒ සමගම ඇති තවත් තත්වයක් තමයි විදේශ වල සිටින අය ගෙන්වා ගන්නේ නැහැ කියා විශාල දෝෂාරෝපණයක් රජයට දැක්වූවා.මෙහිදී රජය විසින් විශේෂ ක්‍රමවේදයක් යටතේ තමයි මේ අය ගෙන්වා ගත්තේ. මේ සමාජගත වීම වළක්වා ගැනීමට. ඒ නිසා මේ විදේශවලින් එන අය යම්කිසි ක්‍රමවේදයකට අනුව පාලනය කරගැනීමට හැකියාවක් තිබෙන ආකාරයටයි ගෙන්වා ගනු ලබන්නේ. මෙහි මූලාශ්‍රය ඊළඟ පැය කීපයේදී, දින කීපයේදී සොයා ගන්නට අපට අනිවාර්යයෙන් හැකියාවක් ලැබේවි. ඒ අනුව අප ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

leave a reply