කොරෝනා පැතිරීම ගැන හමුදාපති ජනතාවට චෝදනා කරයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමෙන් පසු හමුදාපතිවරයා සුපුරුදු ලෙස ජනතාවට චෝදනා කිරීම අරඹා තිබේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳව අද දින (04.10.2020) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී හමුදාපතිවරයා මෙම චෝදනාව එල්ල කර තිබුණි.

හමුදාපතිවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේ,
“ඒ එක්කම අප දැක්කා පසුගිය දින කීපයේදී සෑම දිනකම පාහේ විද්‍යුත් නාලිකා මාර්ගයෙන් අප දැනුම් දුන්නා ජනතාවට කොවිඩ් 19 තිබෙනවාද කියාවත් දන්නේ නැති ආකාරයට හැසිරෙන තත්වයක් අප දැක්කා. ඊයේ දිනයේත් අප දැනුම් දුන්නා මේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියා. නමුත් එසේ ක්‍රියා කරන්න කීවත් කිසිම උනන්දුවක් දැක්වූයේ නැති තත්වයක් තිබුණා. ඒ සමගම ඇති තවත් තත්වයක් තමයි විදේශ වල සිටින අය ගෙන්වා ගන්නේ නැහැ කියා විශාල දෝෂාරෝපණයක් රජයට දැක්වූවා.මෙහිදී රජය විසින් විශේෂ ක්‍රමවේදයක් යටතේ තමයි මේ අය ගෙන්වා ගත්තේ. මේ සමාජගත වීම වළක්වා ගැනීමට. ඒ නිසා මේ විදේශවලින් එන අය යම්කිසි ක්‍රමවේදයකට අනුව පාලනය කරගැනීමට හැකියාවක් තිබෙන ආකාරයටයි ගෙන්වා ගනු ලබන්නේ. මෙහි මූලාශ්‍රය ඊළඟ පැය කීපයේදී, දින කීපයේදී සොයා ගන්නට අපට අනිවාර්යයෙන් හැකියාවක් ලැබේවි. ඒ අනුව අප ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...