පොලොන්නරුව රෝහලේ සයිඩ් බිස්නස් එකක් අරඹයි

පොලොන්නරුව රෝහලේ වකුගඩු පිලිබඳ වෛද්‍යවරයා වන මිනිස් අවයව ජාවාරම් පිලිබඳ චෝදනා ලබා සිටින දූෂිත වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් මුදල් ගසා කෑම සඳහා අළුත් ව්‍යාපාරයක් අරඹා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. රංග මිගාර වීරක්කොඩි යාපනය රෝහලේ සේවය කල කාලයේදී නීති විරෝධී වකුගඩු ජාවාරමකට සම්බන්ධව සිටි අතර ඔහුව පොලොන්නරුව රෝහලට මාරු කිරීමෙන් පසු එම වකුගඩු ජාවාරමට බාධක වැටී තිබේ. රංග වීරක්කොඩි ගේ කුප්‍රකට වකුගඩු ජාවාරම පිලිබඳව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලය දැණුවත් නිසා යාපනයේ මෙන් නිදහසේ ජාවාරම පවත්වාගෙන යාමට ඔහුට අසීරුවී ඇත. මේ නිසා ඔහු විකල්ප මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස රෝගීන් විශාල ප්‍රමාණයක් ඩයලයිසිස් කිරීම සඳහා කොලඹ සහ කුරුණෑගල පෞද්ගලික රෝහල් වලට යවමින් කොමිස් ලබා ගැනීම ආරම්භ කොට තිබේ. ඩයලයිසිස් කිරීම අත්‍යාවශ්‍ය නොවන රෝගීන් පවා ඔහු පුද්ගලික රෝහල් වලට යවමින් කොමිස් ලබා ගනියි. තවද තමන් ගේ වකුගඩු ජාවාරමට බාධකයක්ව සිටින පොලොන්නරුව රෝහලේ උන්නතිය වෙනුවෙන් කැපවී සේවය කරන රෝහල් අධ්‍යක්‍ෂක වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර එම තනතුරින් ඉවත් කොට වකුගඩු මාෆියාවේ රූකඩයක් පත් කර ගැනීම සඳහා ඔහු මේ දිනවල දේශපාලකයන් පසු පස යන බවද වාර්තා වෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...