ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් රහසිගතයිලු!

තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ යැයි පවසමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදීම ප්‍රතික්ෂේප කෙර ඇති බව සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

ඔහු මේ පිළිබඳ ව දක්වමින් එහි තබා තිබූ සටහන මෙසේ යි.

“මහජන මුදලින් වැටුප් ලබන සිවිල් සේවකයන් පිරිසකගේ නම් හෙලි කිරීම ජනාධිපති කාර්‍යාලය විසින් ප්‍රතික්ශේප කිරීම ඉතාමත් බරපතල තත්වයකි. එහි සමහර නිලධාරීන් සිය තනතුර යොදාගෙන පොලිස් පැමිණිලි පවා ඉදිරිපත් කර සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රසිද්ධ කර තිබෙන පරිසරයක තොරතුරු නිලධාරියා වෙනුවට ජනාධිපති ජේශ්ඨ සහකාර ලේකම් එච් එම් කුමාරසිරි නැමැත්තා මෙසේ තොරතුරු ප්‍රවේශය අවහිර කිරීම හාස්‍යජනකය.

තවද මා විසින් සිදු කල පහත අභියාචනය පරිදි සමහර තොරතුරු ලබාදීම මගහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇත.

1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා , වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා (ඇතිනම්) (මෙය වගුවක ආකාරයෙන් ලබාදෙන්නේ නම් වඩාත් පහසු වේ)

තොරතුරු කොමිසමේ සභාපති ධුරයට බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයකු පත් කිරීමට සුදානම් බවට කතාබහක් ඇතිව ඇති කාලයක සිදු කරන මෙම සීමා කිරීම් බරපතල ලෙස සැලකිය යුතුය.

ජනාධිපති මාධ්‍ය අංශයේ සමහර නිලධාරීන්ගේ වෘත්තීමය නොවන ක්‍රියාකලාපය තුලින් හානි කරන්නේ සුවහසක් ජනතාවක් තබා තිබෙන බලාපොරොත්තුවකටය. එම හානිදායක ක්‍රියාවලියට එරෙහිව අප දිගින් දිගටම පෙනී සිටින්නෙමු.”

ඒ සමඟ ඔහු වෙත ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියක් ද අමුණා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...