ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් රහසිගතයිලු!

තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ යැයි පවසමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදීම ප්‍රතික්ෂේප කෙර ඇති බව සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

ඔහු මේ පිළිබඳ ව දක්වමින් එහි තබා තිබූ සටහන මෙසේ යි.

“මහජන මුදලින් වැටුප් ලබන සිවිල් සේවකයන් පිරිසකගේ නම් හෙලි කිරීම ජනාධිපති කාර්‍යාලය විසින් ප්‍රතික්ශේප කිරීම ඉතාමත් බරපතල තත්වයකි. එහි සමහර නිලධාරීන් සිය තනතුර යොදාගෙන පොලිස් පැමිණිලි පවා ඉදිරිපත් කර සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රසිද්ධ කර තිබෙන පරිසරයක තොරතුරු නිලධාරියා වෙනුවට ජනාධිපති ජේශ්ඨ සහකාර ලේකම් එච් එම් කුමාරසිරි නැමැත්තා මෙසේ තොරතුරු ප්‍රවේශය අවහිර කිරීම හාස්‍යජනකය.

තවද මා විසින් සිදු කල පහත අභියාචනය පරිදි සමහර තොරතුරු ලබාදීම මගහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇත.

1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා , වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා (ඇතිනම්) (මෙය වගුවක ආකාරයෙන් ලබාදෙන්නේ නම් වඩාත් පහසු වේ)

තොරතුරු කොමිසමේ සභාපති ධුරයට බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයකු පත් කිරීමට සුදානම් බවට කතාබහක් ඇතිව ඇති කාලයක සිදු කරන මෙම සීමා කිරීම් බරපතල ලෙස සැලකිය යුතුය.

ජනාධිපති මාධ්‍ය අංශයේ සමහර නිලධාරීන්ගේ වෘත්තීමය නොවන ක්‍රියාකලාපය තුලින් හානි කරන්නේ සුවහසක් ජනතාවක් තබා තිබෙන බලාපොරොත්තුවකටය. එම හානිදායක ක්‍රියාවලියට එරෙහිව අප දිගින් දිගටම පෙනී සිටින්නෙමු.”

ඒ සමඟ ඔහු වෙත ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියක් ද අමුණා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...