ප්‍රසන්න රණවීර පොලීසියට ‘කොකා පෙන්නලා’

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමට විදේශගමන් බලපත්‍ර කාර්යාලයටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර අධිකරණයට දන්වා තිබේ.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිරණයට දන්වමින් පවසා තිබුණේ ඔහු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ රැස්වීම්වලටද සහභාගි වී තිබෙන බවයි.

ප්‍රසන්න රණවීර ගුවන්ගමන් බලපත්‍රය ලබාගැනිම සඳහා ගිය ආගමන විගමන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ මහජන ආරක්ෂක අමාත්‍යංශයද පිහිටා තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ (2024) ගුවන් තොටුපලේ පොටර්වරයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවිරහට චෝදනා එල්ල විය.

මීට අමතරව ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු සභා ගර්භය තුළම මන්ත්‍රීවරුන්ට හා පොලිස් නිලධාරීන්ට පහරදීම මෙන්ම මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ගැසීම සම්බන්ධයෙන් ද චෝදනා ලද පුද්ගලයෙකි.

සාමාන්‍ය ජනතාව සිදුකරන කුඩා වැරදිවලදී පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැසිරීමද මෙවැනි බලය සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් හැසිරීමද එකක් නොව දෙකක් බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...