නීතිඥවරයෙකු ලෙස කටයුතු නොකළ රනිල් නීතිඥ දිවියේ වසර 50 සමරයි

කිසිදාක නීතිඥ වෘත්තියේ යෙදී නොසිටි රනිල් වික්‍රමසිංහ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම සමරා තිබේ. නීතිඥවරුන් පිරිසක් විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවය ආණ්ඩුවට හිතවත් පුවත්පතක් විසින් නීතිඥ සංගමය විසින් සංවිධානය කළ එකක් බවට සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල වෙමින් පවතියි.

රනිල් වික්‍රමසිංහ නීතිඥ වෘත්තියේ දිවුරුම් දී ඇති නමුත් වෘත්තියක් ලෙස එහි කටයුතු කර නැති බැවින් මෙලෙස සැමරීම් සිදුකිරීම විහිළුවක් බව බොහෝ නීතිඥාවරුන් සඳහන් කරයි.

ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන අය මෙම සභාව ඇමතු බවද සඳහන් වේ. මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මැති ඇමතිවරු පිරිසක්ද මීට සහභාගී වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...