නීතිඥවරයෙකු ලෙස කටයුතු නොකළ රනිල් නීතිඥ දිවියේ වසර 50 සමරයි

කිසිදාක නීතිඥ වෘත්තියේ යෙදී නොසිටි රනිල් වික්‍රමසිංහ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම සමරා තිබේ. නීතිඥවරුන් පිරිසක් විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවය ආණ්ඩුවට හිතවත් පුවත්පතක් විසින් නීතිඥ සංගමය විසින් සංවිධානය කළ එකක් බවට සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල වෙමින් පවතියි.

රනිල් වික්‍රමසිංහ නීතිඥ වෘත්තියේ දිවුරුම් දී ඇති නමුත් වෘත්තියක් ලෙස එහි කටයුතු කර නැති බැවින් මෙලෙස සැමරීම් සිදුකිරීම විහිළුවක් බව බොහෝ නීතිඥාවරුන් සඳහන් කරයි.

ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන අය මෙම සභාව ඇමතු බවද සඳහන් වේ. මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මැති ඇමතිවරු පිරිසක්ද මීට සහභාගී වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...