Breaking News

මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයක

මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව හා කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් කම්කරුවන්ගේ ගිණුම්වලට නොදමා වංචා කරමින් හිඳින වැලි සමාගමට එරෙහිව අද(15) දහවල් කදුරුවෙලදී මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමය හා කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව විරෝධතාවයක් සංවිධානය තිබුණි.

කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන වැලි සමාගම මහවැලි ගඟේ වැලි සම්පත සූරාකමින් අධික ලෙස ලාභ උපයන බවත් එයින් වැලි ගොඩදමන කම්කරුවන්ට ගෙවනු ලබන්නේ සොච්චම් මුදලක් බවද සේවකයන් පෙන්වා දෙයි.

මහවැලි ගඟේ දියයට කිමිදීවැලි ගොඩට ගෙන ඒම වැනි ඉතාමත් අවදානම් රැකියාවක යෙදෙන තමන්ට හිමි සේවක අයිතීන් ලබා දෙන ලෙසට වැලි සමාගමේ පාලන අධිකාරියට සේවක වෘත්තීය සමිති විසින් බල කරන විට වැලි සමාගම ඊට ප්‍රතික්‍රියා දක්වන්නේ මැරයන් ලවා අමානුෂික ප්‍රහාර එල්ලකර ශාරීරික පීඩාවන්ට ලක්කිරීමෙන් යැයිද එම සේවකයෝ පවසයි. අඩුම තරමින් සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය පවා තමන්ට නොමැති බවද වෙනත් පාරිතෝෂික දීමනා සමාගම මගින් තමන්ට නොගෙවන බවද වැඩිදුරටත් පවසා ඇත.

 

leave a reply