Breaking News

සිංහරාජ ලෝක උරැමයේ විනාශයේ පාර තමයි ඔය ඉදිවෙන්නේ

රවීන්ද්‍ර කාරියවසම්

ලංකාගම නලුවන් අපෙන් , පිටපත චීනයෙන්..

සිංහරාජ ලෝක උරැමය වනසමින් ලංකාගම හරහා දෙණියායට මාර්ගයක් ඉදිකිරීමට මේ හැටි වෙහෙසෙන්නෙ ඇත්තෙන්ම ලංකාගම මිනිසුන්ගේ සුබ සිද්ධිය උදේසාද.. අප හට පෙනෙන කාරණා දෙකක් මෙහි පිටු පස ඇත. ඒ 2013 වසරේ නවතා දමන ලද සංචාරක හොටල් ව්‍යාපෘතිය මෙන්ම ආනේක් අවශ්‍යතාවය හමිබන්තොට චීන වරායට ජලය දිමට සකස් කරන ගිං නිල්වලා ජලාශය ඉදිකිරිමට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා මාර්ගයක් ලෙස මෙය භාවිතා කිරීමටය.. එක පාරේන් වැඩ දෙකක් සිදු කරන මෙම මාර්ගය ඉදිරි අයොජන වලදි ඉතාමත් අත්‍යවශ්‍ය මාර්ගයක් ලෙස රජය හදුනාගන ඇත..

ගිං නිල්වලා ව්‍යාපෘතිය සදහා මෙිවන විට අවශ්‍ය මැණිමි කටයුතු යමි තාක් දුරකට අවසන් කරමින් ඇති අතර ඒ සදහා වන ගිවිසුම චීනයේ CAMC ඉන්ජිනේරැ සමාගමෙි යන් හයිලු මහතා හා වාරිමාර්ග දෙපාර්තමෙින්තුව විසින් අත්සන් කර ඇත. එමෙින්ම මෙම ව්‍යාපෘතිය ඉදිවන කලාපය තුල දෙණියායා , දියදාාව, කොටපොල ,කටුවන යන ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් අයත්ය.

2014 වසරේ මෙම ජල ව්‍යාපෘතිය දියත් කිරීමට ගත් උත්සහයේදි අප හා දෙණියාය ප්‍රදේශයෙ පිරිස් එක්ව එයට දැක්වු විරෝධය නිසා මෙම ව්‍යාපෘතය යට ගිය අතර සිංහරිජය අවට අවශේෂ කැලෑ හා ගමිමාන ආරක්ෂා කරගැනීමට එයින් හැකි විය.. ව්‍යාපෘතියට අදාලව රැපියල් මිලියන 3.012 හිටපු වාරිමාර්ග අමාත්‍යංශයේ ලේඛමි ඉවන්ද සිල්වා මහතා විසින් නිසි ක්‍රමවෙිදයකින් තොරව ගිං නිල්වලා ව්‍යාපෘතිය දියත් කරන චීනයේ CAMC ඉංජිනේරු සමාගමට ගෙවා ඇත.. එම ගෙවා ඇති මුදල මුලු ව්‍යාපෘති වටිනාකමින් 5% කි.

ඉහත සදහන් කල හොටල් ව්‍යාපෘතියහා ගිං නිල්වලා ව්‍යාපෘතිය යන දෙකම සලකා බැලුවහොත් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට මෙම මාර්ගය රජය විසින් ඉදිර්යේදි යොදා ගනු ඇත. එමෙන්ම එම ප්‍රදේශයේ දැවැන්ත ඉඩමි මංකොල්ලයක් නොකර හා සිංහරාජ රක්ෂිතයට හානි නොකර මෙම ව්‍යාපෘති දියත් කිරීමට නොහැකිය.. ලංකාගම ම්නිසුන් මේ ඉඩ දී තිබෙන්නේ සිංහරාජය ලෝක උරැමය පමණක් නොව තම වරිගයාට අයිති ඉඩමි මංකොල්ලයට අවැසි එම මාර්ග තැනීමටය..

තමා කපා ගත් වලේ තමාම වැටෙින දිනය වැඩි ඈතක නොවන බව ලංකාගම හා දෙණියයා අවට ගමිමානවල මිනිසුන්ට දැනීම සදහා තවත් වසර දෙකක්වත් ගත වනු ඇත.. එම නිසා අපගේ විරෝධය ගොනු විය යුත්තේ මෙි සමස්ථ සංවර්ධන මාදිලියටම එරෙහිවයි.. පාර නවතා හොටල් හා ජලාශ ඉදිකරත් සිංහරාජය හා දෙල්ලව රක්ෂතිය,දියදා ආදී ආශ්‍රිතවන භූමි සැලකිය යුතු මටිටමින් විනාශ වනු ඇත.. එමනිසා අප මෙි සමස්ථ ක්‍රියාවලියටම විරෝධය ගොණු කල යුතු අතර අපගේ රටට හා පරිසරයට අවශ්‍ය සංවර්ධනයක් ඉල්ලා සිට්න්න ඔබට අයිතියක් ඇත. ඒ සදහා ඔබගේ ඔබගේ මැදිහත් වීම මෙ මොාහාතේ අත්‍යවශ්‍යයි…. මෙි සමිබන්ද වැඩි විස්තර පසුව ලියමු .

රවින්ද්‍ර කාරියවසම

leave a reply