නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක් පත් කිරීම කාලෝචිතයි – කැෆේ සංවිධානය

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තාවක් පත්කර ගැනීම සුදුසු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති යෝජනාව කාලෝචිත එකක් බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වඩා බලවත් කිරීමට එය හේතුවක් වනු ඇති බවයි.

හත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතියට සමගාමීව මන්ත්‍රීවරියන් සිටින්නේ 6% කට වඩා අඩු ප්‍රමාණයක් බව ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දී සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරිනැමීමේදී බොහෝ පක්ෂවල නායකයින් කාන්තා නියෝජනය පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම නිසා මෙවර පාර්ලිමේන්තුවේ නියෝජිතවරියන් සංඛ්‍යාව දහතුන් දෙනෙකුට සීමා වී ඇති බව ඇය සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා සැකසීමේදී කාන්තාවන් ඇතුළත් විය යුතු බවට නීතියක් පැවති හෙයින් මේ වන විට පළාත් පාලන ආයතනවල 23% පමණ කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන බව ආරියවංශ ආරියවංශ මහත්මියගේ අදහසයි. නමුත් මෙම තත්ත්වය පළාත් සභා සහ පාර්ලිමේන්තුව පිළිබඳව සලකා බැලීමේදී ඉතා කනගාටුදායක බව ආරියවංශ මහත්මිය අවධාරණය කරයි.

මේ නිසා මෙරට නීති සම්පාදනය කිරීමේ කාර්යයසඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වීමට කාන්තාවකට අවස්ථාව ලබාදීමට සෙසු පක්ෂ කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.මේ සඳහා මෑත කාලීනව ගත හැකි සාධනීයම පියවර වන්නේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සුදුසු මන්ත්‍රීවරියක් පත්කිරීම බව සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...