පෙරටුගාමීන් කියන අලුත් මාවත මොකක්ද?

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අලුත් මාවත යනුවෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ පදනම් ආයතනයේදී එළිදක්වුනි.

එම පක්ෂය කුළු ගෙඩිය ලකුණින් පළාත් පාලන ආයතන රැසක් සඳහා ඉදිරිපත්ව තිබෙන අතර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ අලුත් මාවතක් – සටනට අලුත් පක්ෂයක් යන්නයි.

රටේ ජනතාව විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන අලුත් මාවත මොකක්ද යන්න පිළිබඳ අද පැහැදිලි කෙරිණි. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාන පක්ෂයක් අර්බුදයෙන් ගොඩ ඒමට නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවයි. ඔහු පැවසුවේ ඒ සෑම කතිකාවතක්ම මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම නව ලිබරල් ධනවාදය ඉදිරියටත් පවත්වාගෙන යාම හැර වෙන නැති බවට තහවුරු කරමින්සිටින බවයි .

එම නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වාමාංශික බලවේග ඒකරාශී කරගනිමින් විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමේ අයිතිහාසික වගකීමක් ඇතැයි කුමාර් ගුණරත්නම් පැවසිය.

මේ අර්බුදයට හේතුව පසුගිය කාලයේ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද නව ලිබරල් ධනවාදී වැඩපිළිවෙල බැවින් එය ප්‍රශ්න කිරීමකින් තොරව ආර්ථික මොඩලය පදනමින් අභියෝගයට ලක් කිරීමකින් තොරව ජයග්‍රහණයේ මාවතක් නොමැති බවද ඔහු පවසයි.

මේ තිබෙන අර්බුදයට විද්‍යාත්මක සහ සාධාරණ වැඩපිළිවෙලක් සෙවීමේදී අපට මුණ ගැසෙන විකල්පය වන්නේ සමාජවාදය බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...