පෙරටුගාමීන් කියන අලුත් මාවත මොකක්ද?

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අලුත් මාවත යනුවෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ පදනම් ආයතනයේදී එළිදක්වුනි.

එම පක්ෂය කුළු ගෙඩිය ලකුණින් පළාත් පාලන ආයතන රැසක් සඳහා ඉදිරිපත්ව තිබෙන අතර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ අලුත් මාවතක් – සටනට අලුත් පක්ෂයක් යන්නයි.

රටේ ජනතාව විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන අලුත් මාවත මොකක්ද යන්න පිළිබඳ අද පැහැදිලි කෙරිණි. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාන පක්ෂයක් අර්බුදයෙන් ගොඩ ඒමට නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවයි. ඔහු පැවසුවේ ඒ සෑම කතිකාවතක්ම මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම නව ලිබරල් ධනවාදය ඉදිරියටත් පවත්වාගෙන යාම හැර වෙන නැති බවට තහවුරු කරමින්සිටින බවයි .

එම නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වාමාංශික බලවේග ඒකරාශී කරගනිමින් විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමේ අයිතිහාසික වගකීමක් ඇතැයි කුමාර් ගුණරත්නම් පැවසිය.

මේ අර්බුදයට හේතුව පසුගිය කාලයේ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද නව ලිබරල් ධනවාදී වැඩපිළිවෙල බැවින් එය ප්‍රශ්න කිරීමකින් තොරව ආර්ථික මොඩලය පදනමින් අභියෝගයට ලක් කිරීමකින් තොරව ජයග්‍රහණයේ මාවතක් නොමැති බවද ඔහු පවසයි.

මේ තිබෙන අර්බුදයට විද්‍යාත්මක සහ සාධාරණ වැඩපිළිවෙලක් සෙවීමේදී අපට මුණ ගැසෙන විකල්පය වන්නේ සමාජවාදය බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...