Breaking News

මෙරට දූෂිතම ගංගාව කැළණි ගඟ

මෙරට ප්‍රධාන ගංගා ඇතුළු ජලමාර්ග 103කින් දූෂිතම ජලය ඇත්තේ කැළණි ගංගාවේ බව හෙලිවී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් රටේ සමස්ත ගංගා පද්ධතිය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

කැළණි ගංගාව ස්ථාන 1344කින් මුදා හැරෙන අපද්‍රව්‍ය වලින් දූෂනය වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලා 7000ක් අතරින් 3000ක් ම පරිසර බලපත්‍ර ලබාගෙන නොමැති බවද හෙළිව තිබේ.

මෙරට ජල මාර්ග 103ම ස්ථාන 10,743 කින් අපද්‍රව්‍ය මුදාහැරීම මගින් දූෂණය වන බවද හෙලිකරගෙන තිබේ.

කොළඹ නගරය ඇතුලු නාගරික ප්‍රදේශයේ ජල අවශ්‍යතාවෙන් 80%කට වඩා සපුරාලනු ලබන්නේ ද කැළණි ගඟේ ජලයෙනි.

leave a reply