මෙරට දූෂිතම ගංගාව කැළණි ගඟ

මෙරට ප්‍රධාන ගංගා ඇතුළු ජලමාර්ග 103කින් දූෂිතම ජලය ඇත්තේ කැළණි ගංගාවේ බව හෙලිවී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් රටේ සමස්ත ගංගා පද්ධතිය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

කැළණි ගංගාව ස්ථාන 1344කින් මුදා හැරෙන අපද්‍රව්‍ය වලින් දූෂනය වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලා 7000ක් අතරින් 3000ක් ම පරිසර බලපත්‍ර ලබාගෙන නොමැති බවද හෙළිව තිබේ.

මෙරට ජල මාර්ග 103ම ස්ථාන 10,743 කින් අපද්‍රව්‍ය මුදාහැරීම මගින් දූෂණය වන බවද හෙලිකරගෙන තිබේ.

කොළඹ නගරය ඇතුලු නාගරික ප්‍රදේශයේ ජල අවශ්‍යතාවෙන් 80%කට වඩා සපුරාලනු ලබන්නේ ද කැළණි ගඟේ ජලයෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...