අවුරුදු 2ක වැඩ විනාඩි 2න් කියූ නවසීලන්ත අගමැතිනිය

නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩ්න් විසින් තමන් ධූරය දැරූ වසර 2ක කාලය ඇතුළත තමන් රටට කළ වැඩ සියල්ල විනාඩි 2ක් ඇතුළත සිය රටවැසියන්ට ඉදිරිපත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙමින් පවතියි. ඇය විසින් එය සිදුකර ඇත්තේ 2019 වසරේදීයි.

ඊයේ රාත්‍රියේ මෙරට ජනාධිපතිවරයා විනාඩි 69ක් පමණ සිදුකරන ලද විශේෂ ප්‍රකාශයෙන් පසු මෙම වීඩියෝව සංසරණය වීම ආරම්භ වී තිබේ. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ දෙනෙක් පවසන්නේ ජනාධිපතිවරයෙක් සිය කතාවක් සිදුකිරීමේදී එහි තිබිය යුතු සාරාංශගත වීම සහ කරුණු පැහැදිලිව ඉදිරිපත් කිරීම ගෝඨාභයගේ රාජපක්ෂගේ කතාවේ නොතිබූ බවයි. එසේම ජසින්ඩා ආර්ඩ්න් සිය කතාවේ ඉදිරිපත් කරන්නේ අන් කිසිවක් නොව වසර දෙකකදී තමන් කරන ලද වැඩකටයුතු සම්බන්ධ දත්ත වීමද විශේෂත්වයකි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ පෙරදී සජීවීව කරනු ලබන බව පූර්ව ප්‍රචාරය කරනු ලැබූ කතාව විශේෂ පරිශ්‍රමයක් සහ වියදමක් දරා දහවල් කාලයේ වීඩියෝ රාත්‍රියේ විකාශය කිරීම පිළිබඳව විවේචන එල්ල වෙමින් පවතියි.

සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වනන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ඊයේ සිදුකරනු ලැබූ කතාවේ සාරාංශය මම තමයි හොදටම කළේ යන්න මිස තමන් කළේ කුමක්ද යන්න හෝ තමන් කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන සඳහන් නොවූ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...