බොරිස් ජොන්සන්ට covid-19 ද ?

බොරිස් ජොන්සන්ට ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙන බව වාර්තා වෙනවා. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අග්‍රමාත්‍යවරයා තවමත් කැස්ස සහ උණ රෝගයෙන් පීඩා විඳින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන හෙයින් ඔහුට කෘතිම ස්වසනය ලබා දීම සඳහා අවශ්‍ය කරන උපකරණ සවි කර ඇති බවද වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ තවමත් ඔහුට covid – 19 ආසාදනය වී එහි සංකූලතාවලට ලක් වී ඇත් දැයි කීමට නොහැකි බවයි. පූර්වාරක්ෂාවක් ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ පරීක්ෂණ සඳහා රෝහල් ගත කල බවත් රෝහලේ සිට රජයේ අත්‍යවශ්‍ය කටයුතුවලට ඔහු තවමත් සම්බන්ධ වෙන බව ඔහුගේ ලේකම්වරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා .

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...