Breaking News

බොරිස් ජොන්සන්ට covid-19 ද ?

බොරිස් ජොන්සන්ට ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙන බව වාර්තා වෙනවා. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අග්‍රමාත්‍යවරයා තවමත් කැස්ස සහ උණ රෝගයෙන් පීඩා විඳින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන හෙයින් ඔහුට කෘතිම ස්වසනය ලබා දීම සඳහා අවශ්‍ය කරන උපකරණ සවි කර ඇති බවද වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ තවමත් ඔහුට covid – 19 ආසාදනය වී එහි සංකූලතාවලට ලක් වී ඇත් දැයි කීමට නොහැකි බවයි. පූර්වාරක්ෂාවක් ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ පරීක්ෂණ සඳහා රෝහල් ගත කල බවත් රෝහලේ සිට රජයේ අත්‍යවශ්‍ය කටයුතුවලට ඔහු තවමත් සම්බන්ධ වෙන බව ඔහුගේ ලේකම්වරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා .

leave a reply