පුද්ගලයින් නිරෝධායනය ගැන තීරණය කරන්නෙ සෞඛ්‍ය අංශ, පොලීසියට නෙමෙයි – වෛද්‍ය ගිෂාන්ත දසනායක

නිරෝධායන පනත යටතේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පීළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම‌ය විසින්අද (13 ) දින පැවත්වූ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. මේ මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම‌ෙයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක,‌‌ලේකම් වෛද්‍ය ධම්මික පතිරණ,සහකාර ‌ලේකම් වෛද්‍ය ලින්ටන් ගුණවර්ධන සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසා ඇත්තේ ,

“ආණ්ඩුව දැන් මාසයක පමණ කාලයක් තිස්සේ කියමින් ඉන්නේ දැන් කොරෝනා සමාජයෙන් බෝ වීමක් නැති බවයි. ආණ්ඩුව කියන විදිහට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සහ විදේශගතව සිට පැමිණෙන පුදගලයන් අතර විතරයි කොරෝනා තියෙන්නෙ කියලා. සමාජය තුළ තුන් හතර දෙනෙක් එකතුවීමෙන් පස්සේ ඔවුන්ව නිරෝධායනයට යොමු කරන්න සාධාරණ වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැහැ.

කොල්ලුපිටිය පොලීසියේ 30දෙනෙක් නිරෝධායනය යොමුකිරීමත් නිරෝධායන පනත උල්ලංඝණය කිරීමක්. කෙනෙක් නිරෝධායනය කිරීමේ නිත්‍යානුකුල බලය තිබෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට. එතුමාගෙ රාජකාරි පළාත භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුට, රෝගියෙක් පරික්ෂ කරන වෛද්‍ය නිලධාරියෙකුට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට. එවැනි බලයක් පොලීසියට නැහැ. කවුරුන්හෝ ස්වයංව නිරෝධායනය වෙනවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. නමුත් ලිප්ටන් වටරවුමේදී සහ උද්ඝෝෂණයට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසියේ හැසිරීම දැක්කම ඔවුන් යම්කිසි පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකළ යුතු බවනම් පේනවා. පොලීසිය තමයි ඒ මොහොතේ පහරදීලා, මිනිස්සුන්ව බලෙන් ඇදගෙන ගිහින්, එක පොලිස් ජීප් එකක දහයක් පහළවක් දාගෙන ගියේ පොලීසිය. නිරෝධායන පනත උල්ලංඝනය කරේ පොලීසිය. ”

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...