ගෝඨා ගෝ ගම 10වෙනිදා වනතුරු ඉවත් කරන්නෙ නෑ – නීතිපති

’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු වීතිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

ස්වෙච්ඡාවෙන් එම අරගල භූමියෙන් ඉවත් වන අරගල කරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන විසිනි .

නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී ය .

අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත .

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...