ගෝඨා ගෝ ගම 10වෙනිදා වනතුරු ඉවත් කරන්නෙ නෑ – නීතිපති

’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු වීතිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

ස්වෙච්ඡාවෙන් එම අරගල භූමියෙන් ඉවත් වන අරගල කරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන විසිනි .

නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී ය .

අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත .

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...