Breaking News

බය වැඩි කමට මර්දන නීතිමයි සකසන්නේ.

පසුගිය 15 වනදා රජය විසින් ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පතේන් බරපතළ මහජන මර්දනයකට අවශ්‍ය කරන නීති සම්පාදනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නා බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දෙනවා.

මේ නව කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව සැලකිලිමත් වන විට එහි සැබෑ අරමුණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම නොවන බවත් එහි සැබෑ අරමුණ වී තිබෙන්නේ සමාජ මාධ්‍ය පාලනය කිරිම බව ඔහු ප්‍රකාශ කර සිටියා .

මෙමගින් පිහිටුවනු ලබන කොමිසන් සභාව ඔවුන් විසින් තීරණය කරනු ලබන වැරදි වලට අදාලව දැඩි දඬුවම් පැමිණවීමට ඔවුන්ටම හැකිවන පරිදි තමයි මේ නව නීතිය සම්පාදනය කරගන්න යන්නේ. නව නීතිය සම්මත වුණොත් ඒ හරහා බොහෝ දේ අඩපණ වීමටත් බොහෝ දේ මර්දනයට ලක් වීමටත් ඉඩ ප්‍රස්ථා නිර්මාණය වෙනවා.

ආණ්ඩුව මෙසේ විවිධ මර්දන නීති රීති ගෙන ඇවිත් සිදු කරන්න සූදානම් වන්නේ තමන්ට එරෙහිව ගොඩනැගෙන ජනතා විරෝධය මර්ධනය කිරීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීමයි. ජනතාද්‍රෝහී ආණ්ඩුවකුත් ජනතා කැමැත්තක් නැති ජනාධිපතිවරක් රට පාලනය කරන පසුබිමක් යටතේ ඔවුන් ඔවුන්ගේ පැවැත්ම උදෙසා සියලු මූලික කටයුතු පසෙකින්ලා මර්දන නීති තරකර ගැනීම දිගින් දිගටම සිදු කිරීම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

හකුලා ගනු ලැබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත ඇර ගෙන ඒම සහ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමට නව නීති ගෙන ඒම මගින් මේ බව තහවුරු වෙනවා.

leave a reply