“සාමාන්‍යයෙන් ගීතයක් අවසන් නොකරන තැනකින් මේ ගීතය අවසන් කරන්නේ එහි තේමාවෙහි ඇති විශේෂත්වය නිසායි.ගායකයා නවකයකු වුවත් හොඳ පසුබිමකින් ලද අභ්‍යාසය අනුව ඉතා ම හොඳින් ගීතය ගායන කළා.සංගීතඥයකු හැටියට මා තෘප්තිමත්වූ අවස්ථාවක් හැටියට එය හඳුන්වන්න පුළුවන්.”

සිංහල ගීත වංශයට අලුතින් ම එක් වූ “ඇත් පුතුනේ” ගීතයෙහි තනුව නිර්මාණය කරමින් සංගීතවත් කළ ජ්‍යෙෂ්ඨ සංගීත වේදී ආචාර්ය රෝහණ වීරසිංහ එසේ පවසයි.ගායකයා හිරු කිඩ්ස් ස්ටාර් කිරුළ දිනූ 11 වියැති වොනාල් අභිලාෂයිි.
ඔහු ගීතය පටිගත කරන්නට පැමිණි අවස්ථාවෙහි කිසිදු දෝෂයක් නොතබා පළමු වටයෙන් ම නිවැරදි ස්වර මත පිහිටා එය ගැයූ බව රෝහණ වීරසිංහ මෙන් ම පද රචකයා වන ප්‍රවීණ ගීත රචක වසන්ත කුමාර කොබවක පැවසීම වොනාල්ගේ අනාගත සංගීත දිවිය ගැන සුබ ලකුණකි.රෝහණ වීරසිංහයෝ මෙසේද පවසති.
” වොනාල්ගෙ දෙමව්පියන් මට කිව්වා අලුත් ගීතයක් කරන්න හොඳ රචනයක් ඕන බව.රැල්ලට යන්නැතුව හොඳ නිර්මාණ දරුවගෙන් සමාජයට දෙන්න ඒ අයට ඕනැ වුණේ.දෙමව්පියො සංගීතයට ඇල්මක් තියන බුද්ධිමත් අය.මට මතක් වෙනවා හර්ෂණ දිසානායකටත් ඒ විදියට වැඩිහිටියන්ගෙන් හොඳ මග පන්වීමක් ලැබුණු හැටි .
ඉතින් මම දිගු කලක පටන් ක්ෂේත්‍රයේ එකට වැඩ කරන වසන්ත කුමාර කොබවකට මේ ගැන කීවා. කීවා
වසන්ත ගජගා වන්නමද ඇසුරු කරමින් අර්ථාන්විත ගීයක් ලියලා දුන්නා.
අලිඇතුන් මුහුණ දී සිටින ඛේදවාචකය පිළිබඳ ගැඹුරු හැඟීමකින් මේ ගීය ලියැවී තිබේ. “සංගීතඥයකු හැටියට මා තෘප්තිමත්වූ අවස්ථාවක් හැටියට එය හඳුන්වන්න පුළුවන්.” සිංහල ගීත වංශයට අලුතින් ම එක් වූ ඇත් පුතුනේ ගීතයෙහි ගායකයා 11 වියැති වොනාල් අභිලාෂයිි. ඔහු ගීතය පටිගත කරන්නට පැමිණි අවස්ථාවෙහි කිසිදු දෝෂයක් නොතබා පළමු වටයෙන් ම නිවැරදි ස්වර මත පිහිටා එය ගැයූ බව රෝහණ වීරසිංහ මෙන් ම පද රචකයා වන ප්‍රවීණ ගීත රචක ආචාර්ය රෝහණ වීරසිංහ පැවසීම වොනාල්ගේ අනාගත සංගීත දිවිය ගැන සුබ ලකුණකි.රෝහණ වීරසිංහයෝ මෙසේද පවසති.
” වසන්ත කුමාර කොබවක
ගජගා වන්නමද ඇසුරු කරමින් අර්ථාන්විත ගීයක් ලියලා දුන්නා.”
ගීතය මෙසේය.
“පෙරහැරේ යන ඇත් රජුනේ
අලි වැටෙන් දුර ඇත් පුතුනේ
හැබෑ ලස්සන-ගිනි පන්දම් ගෙන
නැටුමකි නුඹලා එන වාරේ
ගමේ අලි වෙඩි ගිනි පිඹිනකොට
හොඳටම රිදුනයි සිත මාගේ
තානා තම් දාන තම්ද
තනෙනා තම් දාන තම්ද…….
විදුලිය ගල්වා එලිවැල් දල්වා
විසිතුරු ගමනකි සඳ පානේ….
පාවඩ එළලා සෙමෙරද සොලවා
හරිම උදාරම් ඒ යාමේ…….
විදුලිය වැටෙකි-සක්මන් නොහැකී
වනබිම්කඩ මහ හිරගෙයකි…
වැව්පෙත දුරකී ඒ මැද ගමකී
අප යන එන මග තනි රැලකී
තානා තම් දාන තම්ද
තනෙනා තම් දාන තම්ද….
ඉපදුණු වාරේ හැම අම්මාගේ
කිරි එරුණාලූ වනන්තරේ……
රැළ අතහැරිලා ගිය ඇත් පුතුනා
හැදුනයි තනියම හෙමින් සැරේ….
තුන්පත් රෑනේ-හයියට ඉඳලා
පණ රැක දුන්නත් එසනුහරේ
වනෙපෙත එළිවී ගම්බිම් ලොකුවී
සොයුරෙක් හැඩුවයි වරින් වරේ
ගමන් යනෙන සොඳ වැව්තාවුලු මැද
මරුවැල් බැන්දේ කව්ද කියන්
අහන්න මව්පිය ඇත්තනි ඩිංගක්
උන් වෙන්කෙරුවේ කවුද ඉතින්//”
ගීත රචකයා මෙසේ කියයි.



අලිඇතුන් මුහුණ දී සිටින ඛේදවාචකය පිළිබඳ ගැඹුරු හැඟීමකින් මේ ගීය ලියැවී තිබේ. “සංගීතඥයකු හැටියට මා තෘප්තිමත්වූ අවස්ථාවක් හැටියට එය හඳුන්වන්න පුළුවන්.” සිංහල ගීත වංශයට අලුතින් ම එක් වූ ඇත් පුතුනේ ගීතයෙහි ගායකයා 11 වියැති වොනාල් අභිලාෂයිි.
ඔහු ගීතය පටිගත කරන්නට පැමිණි අවස්ථාවෙහි කිසිදු දෝෂයක් නොතබා පළමු වටයෙන් ම නිවැරදි ස්වර මත පිහිටා එය ගැයූ බව රෝහණ වීරසිංහ මෙන් ම පද රචකයා වන ප්‍රවීණ ගීත රචක ආචාර්ය රෝහණ වීරසිංහ පැවසීම වොනාල්ගේ අනාගත සංගීත දිවිය ගැන සුබ ලකුණකි.රෝහණ වීරසිංහයෝ මෙසේද පවසති.
“ඇත්පුතුනේ ගීතය ලිවීම සඳහා රෝහණ වීරසිංහ මට ආරාධනා කළ පසු අලි ඇතුන් සම්බන්ධ දිගු මතකයක් අවදි වුණා.මම කැලෑ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලෙ අලි ඇතුන්ගෙ විවිධ චර්යා දැක තිබෙනවා.ඒවා කළු සුදු ඡායාරූපවලට ගෙන තිබෙනවා.සංවර්ධන යෝජනා ක්‍රම නිසා අලින්ගෙ වාසභුමි අහිමිවුණා .අලින්ගෙ වාසභුමි මිනිසුන් ආක්‍රමණය කිරීමෙන් පසුවයි අලි ගම්වදින්න පටන් ගත්තෙ.ඒ කාලෙ එහෙම ගැටුමක් තිබ්බෙ නැහැ.
දවසක් මම පින්නවල අපි බලන්න ගිහින් තේ බොන තැනකට ගියාම පුංචි දරුවෙක් අලි ගැන කිව්ව සංවේදි ප්‍රකාශ මගෙ හිතේ තදින් කාවැදිලා තිබුණා.
මේ සියලු මතක සමග ගජගා වන්නම ඇසුරු කරමින් ගීතය ලියවුණා.මගේ ගීතවලදි මම ජනශ්‍රැතිය ඇසුරු කරනවා.වන්නම් ඇසුරු කරනවා .රෝහණ සංගීතවත් කළ මගේ මුල්ම ගීය වන “සිල්ප සොඳින්” කිරලා වන්නම ඇසුරෙන් වගේම “සියාතුවේ, පලංචියේ”ගීත ලියවුණේ එහෙමයි.
නන්දා මාලනීගෙ “රුක්අත්තනමල මුදුනේ” ගීතයේදි උකුසා වන්නමත්.’
මඩවලගෙ “රන්වන් කරල්”ගීතයෙදි තුරගා වන්නමත්
රත්නශ්‍රීගෙ “බෝකොල වන්නම්”ගීතයෙදි නයියඩි වන්නමත් ඇසුරු කර තිබෙනවා.එය අපේ ගීත කලාවට නුහුරු නැහැ.මේ ගීතය වොනාල් ගයද්දි මට දැනුණේ ඔහු වයසට වඩා මුහුකුරා ගිය බවක්. ඔහු 11 වැනි වියේ..යෞවනත්වය එළිපත්තේ.ඒ නිසා ළමා ගීයක්ම නොලියා ඒ ගැනත් හිතලා ලීවේ.
වේදිකාවෙ ඔහු විවිධ රාග තාල ආශ්‍රය කර ගීත ගයනවා පෙනුණා.
මේ ගීතය පටිගත කරන්න ආවම මුල් වතාවෙන්ම හරියටම ගැයුවා.
සාමාන්‍යයෙන් ප්‍රවීණ අයෙකුගෙ වුණත් පදයෙන් පදය හදන්න වෙන අවස්ථා තියනවා.නැවත ගයනවා.වැරදි උච්චාරණය.එහෙම වුණේම නැ.
සංගීත ක්ෂේත්‍රයේ අවුරුදු පනහකට වඩා හිටපු මට මෙවැනි පරිපූර්ණ ගීතයකට දායක වීම ගැන ඇති වුණේ සතුටක්.”
තම පළමු ගීතය විශිෂ්ටයන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් ජනගත කරන්නට ලැබීම ගැන වොනාල්ට ඇත්තේ අපමණ සතුටකි.
“මම සතුන්ට ගොඩාක් ආදරෙයි.අලි ඇතුන් ඒ අතර විශේෂයි.දෙමව්පියන්ගේ ආරාධනයෙන් මගේ හැඟීම් තේරුම් ගෙන ඒ ගීතය රචනා කළ අපේ රටේ උසස් ම ගීත රචකයෙකු වන වසන්ත කුමාර කොබවකත් සංගීතය නිර්මාණය කළ විශිෂ්ටම සංගීතඥයකු වන රෝහණ වීරසිංහත් නිසා මගේ පළමු ගීතය සාර්ථක වුණා.
ගීතය රසිකයන් අතරට යන මොහොතේ ක්ෂනික ව මට ප්‍රතිචාර දක්වන අයගේ අදහස් මගේ ගමනට දිරියක්.”
සිරුරින් කුඩා වුවද සංගීත සංවේදීකම අතින් පුළුල් හදවතක් සමග ඊටම උචිත හඬක් ඇකි වොනාල් අභිලාෂට සුබ පැතුම්.
තිඹිරියාගම බණ්ඩාර






