ජූලි 09ට ජවය සපයමින් රට පුරා විරෝධතා

ජූලි 09 පැවැත්වෙන ජන අරගලයට සහය පතා රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ.

අද දිනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය කැළණියෙන් ආරම්භ වීමට නියමිතය. විරෝධතාවය ආරම්භ වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ අද ආරම්භවන විරෝධතාවය නොනිදන රාත්‍රියක් ලෙස ගතකොට හෙට දිනයේදී රටේ සියලු ජනතාව සමඟ එකතුව ගෝඨා – රනිල් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගන්නා බවයි.

මිට අමතරව ඊයේ දිනයේ සහ අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධානය වී තිබුණි.

සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා දින ලබාදුන් ඉන්ධන ලබා නොදීමට ආණ්ඩුව තීරණය කිරීමට එරෙහිව රෝහල් ආශ්‍රිතව විරෝධතා සංවිධානය වී තිබුණි.

එසේම අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ජනතාව බස්, දුම්රිය, බයිසිකල් මාර්ගයෙන් සහ පාගමනින් හෙට පැවැත්වෙන විරෝධතාවය සඳහා සහය ලබාදීමට පැමිණෙමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...