ජූලි 09ට ජවය සපයමින් රට පුරා විරෝධතා

ජූලි 09 පැවැත්වෙන ජන අරගලයට සහය පතා රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ.

අද දිනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය කැළණියෙන් ආරම්භ වීමට නියමිතය. විරෝධතාවය ආරම්භ වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ අද ආරම්භවන විරෝධතාවය නොනිදන රාත්‍රියක් ලෙස ගතකොට හෙට දිනයේදී රටේ සියලු ජනතාව සමඟ එකතුව ගෝඨා – රනිල් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගන්නා බවයි.

මිට අමතරව ඊයේ දිනයේ සහ අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධානය වී තිබුණි.

සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා දින ලබාදුන් ඉන්ධන ලබා නොදීමට ආණ්ඩුව තීරණය කිරීමට එරෙහිව රෝහල් ආශ්‍රිතව විරෝධතා සංවිධානය වී තිබුණි.

එසේම අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ජනතාව බස්, දුම්රිය, බයිසිකල් මාර්ගයෙන් සහ පාගමනින් හෙට පැවැත්වෙන විරෝධතාවය සඳහා සහය ලබාදීමට පැමිණෙමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...