විරෝධතාවයකට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිතාසි

ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළායැයි චූදිතයින් ලෙස නම් කළ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් හට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද (21) නියෝග කළා.

ඒ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීයි.

මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහ⁣යේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් ⁣සිතාසි බාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළ අතර පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීය.

ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම විරෝධතා ගාලුමුවදොරින් 10 වැනි දා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්‍රියේ දී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරන ලදි.

පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක් සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දි පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස් මහතා ඊට අදාල වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

පළමු සහ දෙවැනි චුදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්‍රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලි කරු ප්‍රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූවිට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ලදි.

⁣එදින විරෝධතාවය ගැන පොලිසිය දැනුම්වත් කර තිබියදී සහ විරෝධතාවය නතර කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි ⁣මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කරන ලදි.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙදෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කරන ලදි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...