රට තුළ ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධවලින් සියයට 50යි

රටේ පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ අතර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇති පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීම සඳහා ඇණැවුම් කර ඇතත් එම ඇණැවුම්වලට ඖෂධ සැපයීමට සැපයුම්කරුවෝ ප්‍රතික්ෂේප කර තිබේ.

රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා ඖෂධ මිලදී ගැනීම සඳහා මෙසේ නම් ඇණැවුම් කර ඇතත් සැපයුම්කරුවන් සඳහන් කර ඇත්තේ ඖෂධ සැපයූ පසු ඊට මුදල් ගෙවීමට කිසිදු ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැති බවයි.

මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ සැපයුම් සමාගම් කිහිපයක්ම මෙම ටෙන්ඩර් භාර ගෙන ඇතත් ඖෂධ සැපයීමෙන් පසු මුදල් ලැබීමේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති ගැටළුකාරී තත්ත්වය මත ඖෂධ සැපයීමක් සිදු කර නැත.

මේ අනුව ඉදිරියේදීද රට තුළ ඇති ඖෂධ හිඟයට පිළියම් නොලැබෙනු ඇති බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...