රට තුළ ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධවලින් සියයට 50යි

රටේ පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ අතර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇති පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීම සඳහා ඇණැවුම් කර ඇතත් එම ඇණැවුම්වලට ඖෂධ සැපයීමට සැපයුම්කරුවෝ ප්‍රතික්ෂේප කර තිබේ.

රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා ඖෂධ මිලදී ගැනීම සඳහා මෙසේ නම් ඇණැවුම් කර ඇතත් සැපයුම්කරුවන් සඳහන් කර ඇත්තේ ඖෂධ සැපයූ පසු ඊට මුදල් ගෙවීමට කිසිදු ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැති බවයි.

මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ සැපයුම් සමාගම් කිහිපයක්ම මෙම ටෙන්ඩර් භාර ගෙන ඇතත් ඖෂධ සැපයීමෙන් පසු මුදල් ලැබීමේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති ගැටළුකාරී තත්ත්වය මත ඖෂධ සැපයීමක් සිදු කර නැත.

මේ අනුව ඉදිරියේදීද රට තුළ ඇති ඖෂධ හිඟයට පිළියම් නොලැබෙනු ඇති බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...