පී. බී. ජයසුන්දරගෙ ඉල්ලීම වැටුප් කප්පාදුවක පෙර නිමිත්තක් – දුමින්ද නාගමුව  

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගෙන් වැටුප් පරිත්‍යාග කරන ලෙස  ඉල්ලීම පළමු වරට ආයාචනයක් විදිහට අවට දෙවැනි වතාවට රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් දක්වා යාමේ අනතුරක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මෙම යෝජනාව වැටුප් කප්පාදුවට පසුබිම් හදන පළමු යෝජනාවක් බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

“මේ ක්‍රියාවලිය තවත් වර්ධනය වෙමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අඩු කිරීම දක්වා ගමන් කරයිද කියන ගැටලුව තියෙනවා. දැනට ලැබෙමින් තිබෙන ආධාරවලට ආණ්ඩුව මොකක්ද කරමින් සිටින්නේ කියන එක ගැන තවමත් කරුණු දක්වලා නැහැ. පාර්ලිමේන්තුව කැඳවා නැති තත්ත්වයක් යටතේ මුදල් භාවිතා කරන්නේ කෙසේද යන නීතිමය ගැටලුවත් විද්වතුන් විසින් මතු කර තියෙනවා. පී . බී. ජයසුන්දර නැවත කිසිදු රාජ්‍ය තනතුරක් බාර නොගන්නා බවට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. ඔහුට විරුද්ධව තියෙන මූල්‍ය වංචාවලට අදාළ නඩු කිහිපයකට ඔහු වැරදි කරුවී තියෙනවා. එහෙම වංචා කාරයෝ ජනතාවට කියනවා වැටුප් පරිත්‍යාග කරන්න කියලා කියනවා.

මේ අතර හාම්පුතුන්ගේ සංගමයේ සභපතිවරයා දැනට තිබෙන කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීමට අවසර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා. එම යෝජනාවලින් කියවෙන විදිහට ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපිට සහන දෙන්න නමුත් අපි ඕනෑම කෙනෙක් රස්ස්වලින් එලියට දාන ඒක බාරගනිල්ල කියන එකයි.”

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...