පී. බී. ජයසුන්දරගෙ ඉල්ලීම වැටුප් කප්පාදුවක පෙර නිමිත්තක් – දුමින්ද නාගමුව  

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගෙන් වැටුප් පරිත්‍යාග කරන ලෙස  ඉල්ලීම පළමු වරට ආයාචනයක් විදිහට අවට දෙවැනි වතාවට රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් දක්වා යාමේ අනතුරක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මෙම යෝජනාව වැටුප් කප්පාදුවට පසුබිම් හදන පළමු යෝජනාවක් බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

“මේ ක්‍රියාවලිය තවත් වර්ධනය වෙමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අඩු කිරීම දක්වා ගමන් කරයිද කියන ගැටලුව තියෙනවා. දැනට ලැබෙමින් තිබෙන ආධාරවලට ආණ්ඩුව මොකක්ද කරමින් සිටින්නේ කියන එක ගැන තවමත් කරුණු දක්වලා නැහැ. පාර්ලිමේන්තුව කැඳවා නැති තත්ත්වයක් යටතේ මුදල් භාවිතා කරන්නේ කෙසේද යන නීතිමය ගැටලුවත් විද්වතුන් විසින් මතු කර තියෙනවා. පී . බී. ජයසුන්දර නැවත කිසිදු රාජ්‍ය තනතුරක් බාර නොගන්නා බවට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. ඔහුට විරුද්ධව තියෙන මූල්‍ය වංචාවලට අදාළ නඩු කිහිපයකට ඔහු වැරදි කරුවී තියෙනවා. එහෙම වංචා කාරයෝ ජනතාවට කියනවා වැටුප් පරිත්‍යාග කරන්න කියලා කියනවා.

මේ අතර හාම්පුතුන්ගේ සංගමයේ සභපතිවරයා දැනට තිබෙන කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීමට අවසර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා. එම යෝජනාවලින් කියවෙන විදිහට ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපිට සහන දෙන්න නමුත් අපි ඕනෑම කෙනෙක් රස්ස්වලින් එලියට දාන ඒක බාරගනිල්ල කියන එකයි.”

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...