Breaking News

‘පොපිට්’ හොයනකම් නිදාගෙන සිටි මහ බැංකුව පිරමීඩ ජාවාරම ගැන තීරණයක් ගනියි

MTFE නමින් පවත්වාගෙන ගිය ආයතන හතරක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙ​න ගිය ආයතන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd සහ MTFE DSCC Group (Pvt) Ltd යන ආයතන මෙරට පවත්වාගෙන ගිය තහනම් පිරමීඩ යෝජනාක්‍රම ලැයිස්තුවට මහ බැංකුව විසින් ඇතුළත් කර තිබෙනවා.

තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකු සිදුකරන්නේ දඞුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පවසනවා.

ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකාබලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

leave a reply