Breaking News

ලිහිල් වෙනව LOCKDOWN තවම තියන COVID-19 සමඟ ඉතාලිය

තීමස් විජිත්

අප්‍රේයල් 26 පැනවූ අමාත්‍ය මණ්ඩළ ප‍්‍රධානියාගේ නියෝග
DPCM: Decreto del Presidente del Consiglio dei Ministri

LOCKDOWN (නිවාස අඩස්සියේ) දෙවන පියවර (ඞීපීසීඑම් සාරාංශය)

මැයි 4 සිට ඉතාලියේ ක‍්‍රියාත්මක කොරෝනා ආපදා තත්වයට මුහුණ දෙන දෙවන පියවර

පුද්ගලයින් අතර පරතරය අනිවාර්යයෙන් පවත්වාගැනීම.
මුඛ ආවරණ බද්දෙන් නිදහස් කිරීම හා € 0.50ක පාලන මිලක් නියම කිරීම.
ප‍්‍රසාද දීමනාව අලූත් කිරීමට එක් ක්ලික් කිරීමකින් හැකියාව ලබා දීම.
නිවසින් බැහැර යාම සඳහා භාවිත ස්වයං සහතිකය මැයි 18 දක්වා දීර්ග කිරීම.
පවුලේ සාමාජිකයන් හමුවීමට අවසර ලැබෙන නමුත් මුඛ ආවරණ අනිවාර්ය වේ
උද්‍යාන විවෘත කිරීමට අවසර ලැබෙන නමුත් රැස්වීම් පැවැත්වීම තහනම් වන අතර පිවිසුම් සීමා කර ඇත.
පුද්ගලයින් 15 දෙනෙකුට සීමා කර අවමංගල්‍ය උත්සවවලට ඉඩ ලබා දීම.
ටේක් අවේ අවන්හල් ක‍්‍රියාකාරකම් සඳහා ඉඩ දෙන අතර ජනයා රැස් නොවිය යුතුය.
ක‍්‍රීඩා පුහුණු කටයුතු සඳහා අවසර ලැබෙන අතර ආවෘතව හා පුද්ගල පරතරය සහතික විය යුතුය.
නිෂ්පාදන, ඉදිකිරීම් සහ තොග වෙළඳාම නැවත ආරම්භ කිරීම.

මැයි 18 සිට

සිල්ලර වෙළඳාම ආරම්භ කිරීම
මියුසියම්, ප‍්‍රදර්ශන සහ පුස්තකාල කටයුතු ආරම්භ කිරීම.
කණ්ඩායම් ක‍්‍රීඩා ව්‍යායාම් කටයුතු ආරම්භ කිරීම.

ජූනි 1 සිට

බාර්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන ආරම්භ කිරීම

Gli spostamenti (එහා මෙහා යෑම්)

විශේෂයෙන්ම නගර/ප‍්‍රාදේශීය සභා ප‍්‍රදේශය තුල හෝ කලාපය තුළ සංචාරය කිරීම සඳහා ස්වයං සහතිකය අවශ්‍ය වේ. සෞඛ්‍යය ආරක්ෂාව හා පුද්ගලආරක්ෂාක ක‍්‍රියා පටිපාටිවලට අනුව නිවසින් පිටවීමට හා නෑදෑයින් බැලීමට දැනටමත් අවසර දී ඇති හෙයින් අදාල ස්වයං සහතිකය ඊට ගැලපෙන ආකාරයට ඉදිරියේදී වෙනස් වනු ඇත. තවමත් වෙනත් කලාප අතර යාම් ඊම් සඳහා අවසර නැතත් රැුකියා හෝ සෞඛ්‍ය හේතු වලට අමතරව යම් ප‍්‍රදේශයක සිරවී සිටි සිසුන් කම්කරුවන් වැනි අයට තම නිවෙස් කරා යෑමට අවසර ලබාදී ඇත.

Gliincontri (හමුවීම්/මුණ ගැසීම්)

සමීප පවුලේ සාමාජිකයන්, දෙමාපියන්, සහෝදරියන්, සහෝදරයන්, ආච්චිලා සීයලා බැලීමට අවසරය ලැබෙන්නේ පලමු වරටය. එහෙත් සමූහයක් ලෙස නැවත එක්වීමට ඉඩ දීමක් මෙයින් අදහස් නොකෙරේ. නිවසේදී පවා සමූහයක් ලෙස රැුස්වීම් තහනම් වේ. විශේෂයෙන් වැඩිහිටියන් ආරක්ෂා කිරීම සඳහා එහිදීත් මුඛආවරණ භාවිතා කිරීම නියම කෙරේ.

Attività motorie (ව්‍යායාම් කටයුතු)

ඉහතින්ද සඳහන් කර ඇති පරිදි ව්‍යායාම් කටයුතු සඳහා අවසර ලැබෙනුයේ එකම නිවසේ ජීවත්වන පුද්ගලයින්ට වන අතර සෑම විටම තනි තනිව සහ ඕනෑම අවස්ථාවක අවම වශයෙන් මීටරයක දුරින් ඉඩ තබාගෙන කටයුතු කල යුතු වේ. දුරස්ථ රීතිය පොදු උද්‍යාන සඳහා ද අදාළ වන අතර දරුවන් සමග ශාරීරික ක‍්‍රියාකාරකම් කිරීමට හෝ උපකාර අවශ්‍ය පුද්ගලයින් සමග ඇවිදීමට අවසර ලැබේ. වෘත්තීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නැවත පුහුණුවීම් ආරම්භ කළ හැකි වන්නේ මැයි 18න් පසුවය. ක‍්‍රීඩා කටයුතු සඳහා, පුරෝකථනය කර ඇති අවම දුර මීටර් දෙකකි. සරල ශාරීරික ක‍්‍රියාකාරකම් සඳහා එය මීටරයක් වේ.

Bar ristoranti in take away (බාර්/අවන්හල් ආහාර පිටතට රැගෙන යාමේ ක‍්‍රමයට)

ජුනි 1 වන දින සිට බාර් සහ ආපනශාලා පමණක් නොව රූපලාවණ්‍යාගාර සහ කොණ්ඩා මෝස්තරකරුවන්ගේ ආයතනද නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන අතර, take away ක‍්‍රමවේදයෙන් පමනක් ආහාර සැපයීමේ හැකියාව මැයි 4 වනදා සිට ආරම්භ වේ. අවන්හල් හෝ බාර් ඇතුලත හෝ ඉන් පිටත පරිභෝජනයට අවසර නොලැබෙන අතර එක වරකට එක් අයෙක් බැගින් පමනක් ඇතුල් කිරීමට සිදුවනු ඇත. එමෙන්ම ආරක්ෂිත උපාංග ශා හා දුරස්ත රීතිය රැකිය යුතුය.

Negozi (ව්‍යාපාර කටයුතු)

සිල්ලර ව්‍යාපාර නැවත විවෘත කිරීම මැයි 18 වන දිනට නියම කර ඇති අතර මුලින් උපකල්පනය කළ පරිදි 11 නොවේ. තාක්ෂණික විද්‍යාත්මක කමිටුවේ ඉල්ලීම පරිදි, නැවත විවෘත කිරීමේ බලපෑම තහවුරු කර ගැනීම සඳහා දින 14 ක කාලයක් ගනිමින් නැවත විවෘත කිරීම සැලසුම් කිරීමට තීරණය විය. කොණ්ඩා මෝස්තර ආයතන, බාබර් සාප්පු, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන, ජුනි 1 වනදා බාර් සහ අවන්හල් සමග නැවත විවෘත වේ.

Messe e funerali (දේව මෙහෙයන් සහ අවමංගල්‍ය කටයුතු)

දේව මෙහෙයන් සහ වෙනත් ආගමික සේවාවන් නැවත ආරම්භ කිරීම සඳහා ඇති ඉල්ලීම් මෙතෙක් සම්පූර්ණයෙන්ම පිළිගෙන නැත. මැයි 4 වනදා සිට අවමංගල්‍යය කටයුතු සඳහා අවසර ලැබෙන අතර සමීප පවුලේ සාමාජිකයන් 15 දෙනෙකුට පමනක් ඊට සහභාගි වීමට අවසර ඇත. සුසාන භුමි නැවත විවෘත කිරීමේ යෝජනාවට තවමත් අවසර ලැබී නැත.

Attività produttive (නිෂ්පාදන කටයුතු)

නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා වන කාලසටහන ද සනාථ කර ඇත. එය අප්‍රේයල් 27 සිට ආරම්භ කල අතර සමහර ආයතන ආරම්භ කිරීම සඳහා ප්‍රෙෆෙත්තෝගේ (පලාත් බළධාරියා) ගේ අවසරය අවශ්‍ය විය.සෙසු ආයතන මැයි 4 දින සිට ආරම්භ කෙරේ.

Musei e mostre (කෞතුකාගාර සහ ප‍්‍රදර්ශනාගාර)

අපේක්ෂිත පරිදි, කෞතුකාගාර, ප‍්‍රදර්ශන සහ එළිමහන් සංස්කෘතික ස්ථාන මැයි 18 වන දින නැවත විවෘත වේ.

තීමස් විජිත්

leave a reply