Breaking News

ඉතාලියේ වෛද්‍ය සේවයේ සමස්ත ආසාදිතයන් ගණන12 681යි 

හිල්මි සුපුන් 

කෝරෝනා වෛරසය මාස තුනක් ඇතුලත රටවල් දෙසීයකට වැඩි ප්‍රමාණයකට පැතිරගොස් අවසානයි. පුද්ගලයන් 14  ලක්ෂයක් ඉක්මවා covid-19 ආසාදනය වෙලා තියෙනවා. ලොවපුරා මරණ 85 000 ආසන්නයට පැමිණ තිබෙනවා. වෛරසය ආසාදනය වන වේගයට සාපේක්ෂව සුව වෙන පිරිස අඩුයි .

ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමරිකාව මේ කොරෝනා වෛරසය හමුවේ ඉතාමත් අසීරු තත්වයකට පත්වෙලා.covid-19 ආසාදිතයන් හාර ලක්ෂයක්, මරණ 12000  තවමත් මේ රෝගය පැතිර යෑම මර්දනය කර ගැනීමට නිසි වැඩපිළිවෙළක්  ‍ ක්‍රියා කරන්න  බැරි අක්‍රීය තත්ත්වයට ඇමරිකාව පත්වෙලා තියෙනවා. ගෙවුණු අවසාන දවස් පහ ඇතුළත ලක්ෂ දෙකකට වැඩි ආසාදිතයන් කෑම තුළින් වාර්තා වෙනවා.

දිනපතා රෝගීන් වැඩිපුර හමුවන විට රටවල් මුහුණ දෙන පොදු ගැටලුව බවට පත්වෙලා තිබෙන්නේ මන්ගේ රටේ සෞඛ්‍ය සේවයේ ධාරිතාව ඉක්මවා යන තැන   රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් සහ ඇප උපස්ථාන කරන්න   වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලවල හිඟකමයි. අද ඉතාලිය මේ ප්‍රශ්නයට මුහුණ දෙමින් ඉන්නවා. යම් තත්වයකට ඉතාලිය මේ බැරෑරුම් තත්ත්වයෙන් මිදෙන්න  ඉවහල් වුණේ කියුබාවෙන්, රුසියාවෙන්, චීනයෙන් ලද මානව සහ  වෛද්‍ය උපකරණ ආධාර නිසයි.

 ඉතාලියේ වෛද්‍ය සේවාව පිළිබඳව තත්ත්වය අපි මීට කලින් ලිපියක ඔබව දැනුවත් කළා, ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන යුරෝපයේ රටවල් අතළොස්ස අතර ප්‍රමුඛස්ථානයක් ඉතාලියට හිමිවෙනවා. නමුත් ගෙවුණු වසර කීපය තුල ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම බෙලහීන කරමින් පෞද්ගලික වෛද්‍ය සේවාව ශක්තිමත් කරන්න පැවැති යනු කටයුතු කළා.

කොරෝනා වෛරසය හමුවෙ ඉතාලිය මේ තරම් අමාරු  තැනකට කඩාගෙන වැටෙන්නේ  කිනම් කරුණක් මුල් කරගෙනද . කෝරෝනා  වෛරසයට එරෙහි ප්‍රමුඛ බලකාය වෙන්නේ වෛද්‍යවරුන්  හෙද හෙදියන්  ඇතුළු  වෛද්‍ය  සේවකයන්ය. මේ හදිසි තත්ත්වය තුළ සේවය කළ වෛද්‍යවරුන් 97ක්   හෙද සේවයේ 27දෙනෙක් කෝරෝනා වෛරසය හේතුවෙන් මිය ගිහින් තියෙනවා. වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් 6 549 covid-19 වෛරසය ආසාදනය වෙලා තියෙනවා. වෛද්‍ය සේවය සමස්ත ආසාදිතයන් ගණන12 681යි .  කොරෝනා වෛරස් ආසාධිතයන් විශාල වශයෙන්  හමුවීමෙන් පසුමුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් මේක.

මේ ගැටලුවෙන් මිදීමට නම්  වෛද්‍යවරුන් ,හෙද හෙදියන්ට අත්‍යවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ ප්‍රමාණාත්මකව තිබිය යුතුයි, ගුණාත්මකව තිබිය යුතුයි,   ලංකාවේ ආසාදිතයින් වැඩි වන වාතාවරණයක් යටතේ පසුගිය දවස් වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා වෛද්‍ය සේවයේ හෙද හෙදියන්ට අත්‍යවශ්‍ය කරන උපකරණ නොමැතිකම බෙහෙත් නොමැතිකම නිසා විශාල අසීරුතාවයන් වලට ඔවුන් මුහුණ දී සිටිනවා කියලා.

ඊයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජාතිය ඇමතුම, සෞඛ්‍ය සේවකයින් ආරක්ෂිත ඇඳුම් තමන් විසින්ම මසාගෙන පාවිච්චියට ගැනීම වර්ණනා කෙරුවා, වෛද්‍ය සේවකයින් තමන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අද ලෝකයේ හැම තැනම සිද්ධ වෙන දෙයක්. සමස්ත ලෝකයම නව ලිබරල්වාදී කොටස්කරුවන්.  තමන්ගේ ආරක්ෂාව සපයන්න රාජ්‍යය අසමත් බව හැඟී ගිය විට තමන්ගේ  ජීවිතය රැකගන්න මෙවැනි ක්‍රියාමාර්ග ගන්න මිනිස්සු පෙලඹෙනවා. කිසිදු පාලකයෙකුට මෙවැනි දේ වර්ණනා කිරීමෙන් තමන්ගේ වගකීමෙන් මිදෙන්න බැහැ. තාවකාලිකව මේ ක්‍රියාමාර්ග හරි වුණත් දීර්ඝ කාලීනව ආරක්ෂා සහිත වෛද්‍ය උපකරණ ලබාදීම ආණ්ඩුවේ වගකීම.

හිල්මි සුපුන්

 

leave a reply