Breaking News

ඉන්දියානු කිරි නිෂ්පාදකයෝ කිරි කානු වලට හලයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඉන්දියාව දින 21 කට වසා දැමීමෙන් පසුව කේරළයේ කිරි වෙළඳපොලේ තත්වය උඩු යටිකුරු වී ඇත බව වර්තවෙනවා . තමිල්නාඩුව කේරළයෙන් කිරි ලබා ගැනීම නැවැත්වීමත් සමඟ කිරි ගොවීන් දහස් ගණනක් දැඩි අර්බුදයක පසුවෙති. මේ හේතුවෙන් පලක්කඩ් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ගොවීන් පසුගිය බදාදා කාණු තුළට කිරි ලීටර් 80,000 ක් පමණ වත් කර තිබේ.

“සියලු තේ කඩ සහ ආපනශාලා වසා ඇති බැවින් කාණු තුළට කිරි වත් කිරීම හැර අපට වෙනත් විකල්පයක් නැත. තමිල්නාඩුවට අමතරව, කිරි ගෙනයාමට පිටින් එන සියලුම ලොරි ඒමද නතරවී ඇති අතර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම පදනම්කරගෙන රජයට විරෝධතාවයක් දැක්වීම සඳහා මෙසේ කණුවලට කිරි හැලූ බව වාර්තා වෙනවා.

“බිමට කිරි වත් කිරීම හද කම්පා කරවන දසුනකි. මට එළදෙනුන් 140 ක් පමණ සිටින අතර ඉන් 60 ක් කිරි ගවයින්ය. මම උදේ ලීටර් 330 ක් පමණ කිරි දෙමි. සවස් වරුවේ ලීටර් 250 ක් ගන්ලනා බව ලිතා නම් තැනැත්තිය පවසා තිබුණි

රජය සතු මිල්මා හි මලබාර් ප්‍රාදේශීය සමුපකාර කිරි නිෂ්පාදකයින්ගේ සංගමයට (MRCMPU) අතිරික්ත කිරි ලබා ගැනීමට නොහැකි වූයේ, රට වසා දැමීම හේතුවෙන් හෝටල් සහ ආපනශාලා වසා දැමීම නිසා සියල්ල විකිණීමට තමන්හැකි බවයි . මලබාර් සංගමය දිනකට කිරි ලීටර් ලක්ෂ හයක් පමණ මිලදී ගනී. පලක්කඩ් නිෂ්පාදනය කරන්නේ ලීටර් ලක්ෂ 2.10 කි. කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඉන්දියාව වසා දැමීමෙන් පසු, සමිතියට අලෙවි කළ හැක්කේ දිනකට ලීටර් ලක්ෂ තුනක් බව ඔවුන් පවසයි .

leave a reply