වසන්ත – සිරිධම්ම හිමිව රැඳවුම් නියෝග නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තැබීමේ අලුත් සෙල්ලමක්

වසන්ත සහ සිරිධම්ම හිමියන් අද (17) සවස ත්‍රස්ත පනත යටතේ කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප නොදී රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංවිධානය පවසන්නේ ඔවුන් දැන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවයි. එසේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන පරිදි මෙය රැඳවුම් නියෝග නොගසා වසර ගණනක් සිරකර තබාගැනීමේ තවත් සෙල්ලමකි.

සම්පුර්න නිවේදනය පහත දැක්වේ,

වසන්ත සහ සිරිධම්ම හිමියන් අද (17) සවස ත්‍රස්ත පනත යටතේ කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප නොදී රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.*

ඔවුන් දැන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා ඇත.මෙහිදී සිදුව ඇත්තේ ඔවුන්ගේ රැඳවුම් නියෝගය දීර්ඝ නොකිරීම පමණි.මෙය රැදවුම් නියෝග නොගසා වසර ගණනක් සිරකර තබාගැනීමේ තව සෙල්ලමකි.රැදවුම් නියෝග යටතේ පොලීසිය භාරයේ සිටින අතර දැන් සිටින්නේ අධිකරණය බාරයේය.එම නිසා මෙම අධිකරණයට ඉදිරිපත් කිරීම හුදෙක් ඇස් බැන්දුමක් පමණි.

මේ වන විටත් ත්‍රස්ත පනත ( PTA )යටතේ අවුරුදු 15/20 ගණන් සිරගත කර ඇති රැඳවියන් සිටින්නේ රැඳවුම් නියෝග ගසා නොවේ.ඔවුන් රඳවා තබාගෙන සිටින්නේ PTA යටතේ බන්ධනාගාර තුළයි.ඒ අධිකරණය බාරයේ ය.ඔවුන් දින 14 කට වරක් උසාවියට ඉදිරිපත් කරයි.නමුත් දශක ගණන් ඇප නොදී තබා ගෙන සිටි.එකම වෙනස රැඳවුම් නියෝග යටතේ පොලීසිය භාරයේ තබාගන්නා අතර දැන් ඇත්තේ අධිකරණය භාරයේ වීමයි.

ඒ නිසා වසන්ත සහ සිරිදම්ම හිමිටද ඇප ලබා නොදි තවත් කාලයක් සිරකර තබා ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව පැහැදිලිය.එම නිසා මෙම සිදුවීම අප විරෝධතාවයන් බිඳකුදු අඩු කිරීමට කාරණයක් නොවේ.එම නිසා අප විරෝධතාවයන් තව දුරටත් තීව්‍ර කළ යුතු අතර හෙට (18)විරෝධතාව උපරිම සාර්තක කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණකි.

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය

 

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...