Breaking News

ප්‍රතිපාදන කොමිසම වෙනුවට අධ්‍යාපන පෞද්ගලිකරණය වෙනුවෙන් නව කොමිසමක්

උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර ඒ වෙනුවට “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” නමින් නව ආයතනයක් ස්පිථාත කිරීමට නිර්දේශ කර තිබේ.

උසස් අධ්‍යාපනය සංවර්ධන කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ තේරීම් කාරක සභාව විසින් මෙම නිර්දේශය සිදුකර ඇත. එම කොමිෂන් සභාව ජනධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයින් 11 දෙනෙක්ගෙන් යුක්ත වේ.

දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල පමණක් ආවරණය කරන විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මින් පසු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන (Non-state) සහ වෘත්තීය අධ්‍යාපන (Vocational) සහ තත්ත්ව සහතික (Accreditation) යන අංශ සියල්ලම ආවරණය කිරීමට නියමිතය.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීමටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මූල්‍ය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ වගකීම පවරමින් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් එහි දී තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බව පැවසේ.

leave a reply